ඉන්දියාවේ සෑම විනාඩි 15 කටම වරක් දරුවෙකු ලිංගික අතවරවලට ලක් වෙන බව ආණ්ඩුවේ අලුත්ම සංඛ්‍යාලේඛනවලින් හෙළිදරවු වී තිබේ.
ළමුන් ලිංගික අපයෝජනයට ලක්වීම ගතව ගිය වසර කිහිපය ඇතුළත විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන බව ද බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කෙරුණ ජාතික අපරාධ වාර්තා කාර්යාංශයේ වාර්තාවේ දැක්වේ.
දූෂණයට ලක් වූ දස හැවිරිදි දැරියකට දරුවෙකු බිහි කිරීමට සිදුවීමෙන් අනතුරුව ළමා ලිංගික අපචාර පිළිබඳව යළිත් වරක් ඉන්දියාව පුරා ප්‍රබල අවධානය පළවෙමින් පවතී.
එම දැරිය දූෂණය කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වූ ඇයගේ මාමාවරුන් දෙදෙනෙකුට පසුගියදා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණ.
සබැඳි යොමු:

ලෝකයේ ලිංගික අතවරවලට ලක් වූ දරුවන් වැඩිම පිරිස සිටින රට ඉන්දියාව බව පෙන්වා දෙන දිල්ලි අගනුවර සිටින බීබීසී වාර්තාකාරිය ගීතා පාන්ඩේ (Geeta Pandey), එහෙත් ඒ සම්බන්ධයෙන් විවෘතව කතාකිරීමට බොහෝ දෙනා මැලිකමක් දක්වන බව ද පවසන්නීය.
එබැවින් සැබවින්ම ලිංගික අපයෝජනයට ලක් වූ දරුවන් පිරිස වාර්තාවේ ඇතුළත් සංඛ්‍යාවට වඩා ඉතා වැඩි පිරිසක් විය හැකි බව ද බීබීසී වාර්තාකාරිය පවසයි.
ඉන්දියාවේ ළමා වර්ධනය සහ කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් 2007 දී පවත්වන ලද සමීක්ෂණයකට අනුව, තමන් කිසියම ආකාරයක ලිංගික අපයෝජනයකට ලක් වූ බව සමීක්ෂණයට සහභාගි වූ දරුවන්ගෙන් 53% ක් පවසා තිබිණ.
බහුල වශයෙන්ම ඒ දරුවන් අපයෝජනයට ලක්වන්නේ දෙමාපියන්, ඥාතීන් හෝ පාසල් ගුරුවරුන් වැනි ඔවුන්ට ඉතා සමීප පුද්ගලයන් අතින් බව ළමා අයිතිවාසිකම් පිළිබඳ උද්ඝෝෂකයෝ පවසති.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
