ආගමික ස්ථානවල වැඩට දාපු සිවිල් ආරක්ෂකයන්ට මොකද වෙන්නේ ?

ආගමික ස්ථානවල වැඩට දාපු සිවිල් ආරක්ෂකයන්ට මොකද වෙන්නේ ?

වසර ගණනාවක් තිස්සේ පන්සල්, පල්ලි ,කෝවිල්වල සිටින සිවිල් ආරක්ෂක බලකායේ 2500ක 3000ක පමණ සේවය අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිවෙතැයි විශ්වාස කිරීම අපහසු බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේදී පැවසීය.

පන්සල්වල සිටින සිවිල් ආරක්ෂක බලකා පිරිසේ බිල රුපියල් බිලියන දෙක හමාරක් පමණ වන බවද සඳහන් කල රාජ්‍ය අමාත්‍යවරයා ඇතැමුන් මේ ස්ථානවල හරක් බැලීම කුණු එකතු කිරීම වැනි කාර්යයන් කරමින් සිටින බවද පැවසීය.

මේ අය කරන්නේ මොනවාද ? සේවයට එනවද? වැනි කිසිම ඇගයීමක් හෝ පසු විපරමක් සිදුකිරීමටද හැකියාවක් නැති බවද රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කළේය.

ඔවුන්ගේ සේවය සම්බන්ධයෙන් ඇගයීමක් කිරීමට සිදුවන බවද සඳහන් කල රාජ්‍ය අමාත්‍යවරයා මෙය කාලානුරූපීව ක්ෂය වන සේවයක් බවට පත්ව තිබෙන අතර මෙි 32000 ම දීර්ඝ කාලීනව තබාගෙන සිටීමටද හැකියාවක් නැති බවත් සඳහන් කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න