අමෙරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ සිට ගුවන් තැපෑල හරහා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබූ ”කුෂ්” නැමැති ගංජා තොගයක් රේගු භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.
රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා සඳහන් කරන ආකාරයට බොරලැස්ගමුව, වැල්ලවත්ත, මිනුවන්ගොඩ, වැලිසර, නුවරඑළිය සහ තලංගම යන ප්‍රදේශවල පිහිටි නිවාස වෙත පාර්සල් 10 ක් ලෙස අදාළ කුෂ් නමැති ගංජා තොගය එවා තිබු බවය.
කෙසේ වුවත් අදාළ පාර්සල් භාර ගැනීමට කිසිදු පුද්ගලයෙකු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත නොපැමිණීම හේතුවෙන් අදාළ පාර්සල් එහි සේවය කරන රේගු නිලධාරීන් විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සහ තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරිපිටදී පරීක්ෂා කර තිබෙන අතර එහිදී “කුෂ් ” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 03 යි, ග්‍රෑම් 475 ක් සොයාගෙන ඇත.
එම ගංජා තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදුන් බවත් අදාළ ගංජා තොගයේ වටිනාකම රුපියල් තුන් කෝටි හතලිස් හත් ලක්ෂ පනස් දහසක් පමණ වන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
