Image

වියපත් වීම ආවරණය කළ හැකිය; නැවතිය නොහැකි ය

වියපත් වීම ආවරණය කළ හැකිය; නැවතිය නොහැකි ය

පුද්ගලයකු ගේ (කාන්තා/පිරිමි) වියපත්වීම යනු විද්‍යාත්මක ක්‍රියාවලියකි. නවීන තාක්ෂණය කෙතරම් දියුණු වුව ද එම ක්‍රියාවලිය ආවරණය කරගැනීමට අවශ්‍ය පිළියම් කෙතෙක් තිබුණ ද එයට (වියපත් වීමට) තිත තැබීමට නවීන තාක්ෂණය ද තවමත් සමත් වී නොමැත.

වියපත් වීම නමැති ක්‍රියාවලිය ආවරණය කරගැනීමට පිරිමි පාර්ශ්වයට වඩා වෙහෙස වන්නේ කාන්තා පාර්ශ්වය යැයි පැවසීම අතශයොක්තියක් නොවේ. ඒ, අන්කිසිවක් නිසා නොව පිරිමි පාර්ශ්වයේ ආකර්ෂණය ලබාගැනිමට කාන්තාව වඩාත් රුචිකත්වයක් දක්වන බැවිනි.

කෙතෙක් වියපත්විම ආවරණය කර ගත්ත ද කාලය ඉක්ම යැමේ දී තරුණ වියේ දී කිසියම් කාන්තාවක කෙරෙහි ආකර්ෂණය වූ කිසියම් පිරිමියකු කාලයාගේ ඇවැමෙන් අදාල කාන්තාව කෙරෙහි දක්වන උනන්දුව අවම ය.

ඇතැම් විට යට කී දෙපළ විවාහ නොවී සිටිය ද ඔවුන් තරුණ වියේ මිහිරියාව අනන්තවත් විදින්නට ඇත; එමෙන් ම කාන්තාව අවංකව ම ආදරය කළ ද පුරුෂයා එම කාන්තාව ඇසුරු කර ඇත්තේ තාවකාලික වින්දනයකට විය හැකි ය. එය එසේ වුව ද අදාළ කාන්තාව සිය පැරණි පෙම්වතාට තවමත් ආදරය කරනවා විය හැකි ය. එහෙත් ඒ ආදරය පිළි නොගැනිමට සාධාරණ හේතු දපුෂයා ගේ පාර්ශ්වයෙන් තිබිය හැකි ය.

මේ සමය එළඹෙන විට කලක් ඉතා රුපත්ව සිටි කාන්තාව වර්තමානයේ රුවින් අඩු වු ද කවමත් ඇගේ ආකර්ෂණිය භාවය අන්තයට ම පිරිහි නොමැති නම්, භාවිත භාෂාවෙන් පවසන්නේ නම් 'ඇහැට කනට පෙනෙනවා'' නම් කිසියම් පුරුෂයකු ඇය කෙරෙහි ආසක්ත විය හැකි ය; ඇය සමග විවිධ දැ හුවමාරු කරගත හැකිය; ඇය සමග යහන්ගත වන්නට ද හැකි ය; නමුත් ඔහුට ද රකින්නට බිරිඳක සහ දරුවන් සිටින හෙයින් යට කි දෙපළ අතර ඇසුර අනියම් හෝ තාවකාලික විය හැකි ය.

මෙම ක්‍රියාදාමය තුළ අන්ත අසරණත්වයට පතවන්නේ අන් කිසිවකු නොව කාන්තා පාර්ශ්වය ම ය.

යට අකුරුකළ සමස්ත ක්‍රියාදාමය ම පද පේළි කිහිපයකින් හකුළා දක්වන්නට අනුර හෑගොඩ කවියා විසින් රචිත මතු දැක්වෙන ගේය පද පෙළ සමත්ව තිබේ.

මෙම පද රචනයෙහි වදනින් වදන, පදයෙන් පදය විසංයෝජනය කිරීමට හැකියාව පැවතිය ද මම ඒ සඳහා නෙපෙළඹෙමි; මන්ද අනුර හැගෙඩ කවියා ගේ පාඨක ප්‍රජාව නුපුහුණු පාටක ප්‍රජාවක් නොවන බැවිනි.

මා '' නීල දෑස නිල අඩුව ද'' ගිතය වින්දේ සහ කියවා ගත්තේ මේ ආකාරයට ය; එය වෙනත් කෙනකු වෙනත් ආකාරයෙන් ද විදගත හැකි ය; කියවාගත හැකි ය.

ගී පද රචකයා ද මගේ විඳීම සහ කියවීමට සපුරා වෙනස් අදහසක් ගෙනහැර ක්වන්නට උත්සාහ කළා විය හැකි ය; ඒ සියල්ල එකිනෙකාට සාපේක්ෂ ය.

මතු පළ වන්නේ එම ගීතය යි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න