නාවුක නිලධාරියාව බෝට්ටුවකින් රට පන්නලා : ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාටත් චෝදනාවක් ?

නාවුක නිලධාරියාව බෝට්ටුවකින් රට පන්නලා : ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාටත් චෝදනාවක් ?

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටින නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තා නාවික හමුදාවේ ආධාරයෙන් රටින් පළාගිය ආකාරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර  විසින් හෙළිදරව් කර ඇති බව වාර්තා වෙයි. අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටින නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තා නාවික හමුදාවේ ආධාරයෙන් රටින් පළාගිය ආකාරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර  විසින් හෙළිදරව් කර ඇති බව වාර්තා වෙයි. 

ශානි අබේසේකර මහතා මෙම හෙළිදරව්ව කර ඇත්තේ පෙරේදා (20) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පැවති සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න, නාවික හමුදාපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ප්‍රධානීන් සහ ජනාධිපති නීතීඥ ජේ.සී. වැලිඅමුණ ඇතුළු පිරිසක් සහභාගී වූ විශේෂ රැස්වීමකදී ය.

කප්පම් ගැනීම සඳහා පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති මෙම සැකකරු නාවික හමුදාවට අයත් අධිවේගී ප්‍රහාරක යාත්‍රාවකින් ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චිව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් එපිටට ගෙන ගොස් ඇරළවූ ආකාරය ශානි අබේසේකර මහතා විසින් එහිදී ප්‍රකාශ කර ඇත. ශානි අබේසේකර මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට මුහුණට ම ප්‍රකාශ කර ඇත්තේ "ඔබතුමා තමයි යන්න කලින් හෙට්ටිආරච්චි අතට රුපියල් ලක්ෂ පහක් දුන්නේ" යනුවෙනි.

ඒ මොහොතේ කලබල වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා "ශානි, ඔයා මේ රටේ ඉහළ ම ආරක්ෂක නිලධාරියෙකුට චෝදනා කරන්නේ. ඔයා මේවා ඔප්පු කරනවා නම් මම හෙට ම ඉල්ලා අස් වෙනවා" යැයි ප්‍රකාශ කර ඇත.

මුලාශ්‍රය - ලංකා නිව්ස් වෙබ්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න