මැයි 8 "ආණ්ඩු පෙරළි" සුම්මා : ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ගෙන් නිවේදනයක් !

මැයි 8 "ආණ්ඩු පෙරළි" සුම්මා : ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ගෙන් නිවේදනයක් !

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වන මැයි මස 08 වන දා රාජාසන කතාව අවසානයේ පැවැත්වෙන ඡන්ද විමසීමකදී එය පරාජය වීමෙන් ආණ්ඩුව හෝ කැබිනට් මණ්ඩලය හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන බවට සමහර ජනමාධ්‍යයන්හි පළවූ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම සාවද්‍ය, පදනම් විරහිත සහ නොමඟ යවන සුළු ඒවා බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

මේ පිළිබඳ කරුණු පැහැදිළි කළ නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන යොමුකර ඇති අතර එහි මෙසේ සඳහන්ව ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමෙන් පසු නව සැසිවාරය 2018 මැයි 08 වන දින කැඳවීමට නියමිතය. 

එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් රජයේ ප්‍රතිපත්ති ඇතුළත් රාජාසන කතාව ඉදිරිපත් කිරීමට නියමිත බවත් එය අවසානයේ අවශ්‍ය නම් ඡන්දයක්‌ ඉල්ලා සිටිය හැකි අතර ඒ අනුව විපක්‍ෂය විසින් ඒ සඳහා ඡන්ද විමසීමක්‌ ඉල්ලා සිටීමට නියමිත බවත්, එහිදී එම රාජාසන කතාව පිළිබඳව පැවැත්වෙන ඡන්ද විමසීමේදී රජය පරාජය වුවහොත් අගමැතිවරයා ඉල්ලා අස්‌විය යුතු අතර නව අගමැතිවරයකු හා නව කැබිනට්‌ මණ්‌ඩලයක්‌ පත්කර ගැනීමට සිදුවන බවත්, රාජාසන කතාව පරාජය වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති අවුරුදු හතර හමාරේ සීමාව අහෝසි වන බවත් සඳහන් වර්තා සමහර ජනමාධ්‍ය විසින් පළ කර තිබිණි.

එම වාර්තා සාවද්‍ය සහ පදනම් විරහිත මෙන්ම මහජනයා නොමග යවන සුළු ඒවා වෙයි.

පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භ කරන අවස්ථාවේදී රාජ්‍ය නායකයා විසින් රජයේ ප්‍රතිපත්ති පිළිබඳව රාජාසන කතාවක් පැවැත්වීම බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ පවතින්නකි. වර්තමානයෙහි ක්‍රියාත්මක වන දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ රාජාසන කථාවක් පිළිබඳ ප්‍රතිපාදන අඩංගුව නොමැත.

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී රාජ්‍ය නායකයා විසින් රාජාසන කථාවක් පැවැත්වීම වර්තමානයෙහි සම්ප්‍රදායයක් පමනකි. එම රාජසන කථාව පිළිබඳ විවාදය ආණ්ඩුවේ හෝ කැබිනට් මණ්ඩලයේ පැවැත්ම කෙරෙහි කිසිසේත් බලපාන්නේ නැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න