ජවිපෙ ගේන 20 සංශෝධනය දැක : ජනිපෙ ගැස්සෙයි

ජවිපෙ ගේන 20 සංශෝධනය දැක : ජනිපෙ ගැස්සෙයි

ආණ්ඩුව තුළ අර්බුද හටගන්නා මොහොතක විධායක ජනාධිපති ධූරය අහොසි කිරීම වැනි යොජනාවක් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කොට ජනතා විමුක්ති පෙරමුණ උත්සහ දරන්නේ විපක්ෂයේ ඇති සමඟිය හා ශක්තිය නැතිකර විපක්ෂය දුර්වල කිරීමට බව  ජාතික නිදහස් පෙරමුණ පවසයි.ආණ්ඩුව තුළ අර්බුද හටගන්නා මොහොතක විධායක ජනාධිපති ධූරය අහොසි කිරීම වැනි යොජනාවක් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කොට ජනතා විමුක්ති පෙරමුණ උත්සහ දරන්නේ විපක්ෂයේ ඇති සමඟිය හා ශක්තිය නැතිකර විපක්ෂය දුර්වල කිරීමට බව  ජාතික නිදහස් පෙරමුණ පවසයි.

අද(22)  කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මේ බව සඳහන් කළේය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ මුසම්මිල් සඳහන් කර සිටියේ 20 ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම තුළ ජවිපෙ වෙතින් ප්‍රධාන අපේක්ෂා 3ක් ඉටුකර ගැනීමට සුදානම් වන බවයි.

20 ගෙන ඒමේ ජවිපෙ අපේක්ෂා 3ක් 

එයින් පළමු කරුණ ලෙස  ඒකාබද්ධ විපක්ෂය කැබලි කර දුර්වල කිරීම ලෙස හැඳින්වූ ඔහු මතුව ඇති පසුබිම විස්තර කර සිටියේ ‘අත්සුනු මල්ලට වැදුණු නාගයා’ වගේ මේ යෝජනාවට සැබෑ විපක්‍ෂය දුර්වල කිරීමට පුළුවන් බව ඒකාබද්ධ විපක්ෂය තේරුම් ගතයුතු බව සඳහන් කරමින්ය.

මේ යෝජනාව ගෙන ඒම තුළ ජවිපෙට ඇති දෙවන අපේක්ෂාව වන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය  පූර්ණ වශයෙන් බලාත්මක කෙරෙන තත්ත්වයක් නිර්මාණය කිරීම බව පැවසූ මුසම්මිල් ඒ තුළ විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියන්නේ රටේ ඒකීයභාවය අහෝසි කිරීමක් බවද පැවසීය.

ජවිපෙ තෙවන අපේක්ෂාව වන්නේ යම් ආකාරයකට විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් ඒ සටන් පාඨය යොදාගෙන ඊනියා පොදු අපෙක්ෂකයකු ගෙන ඒමට යොදා ගැනීම බවද ඔහු පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුසාම්මිල් මෙසේද පැවසීය.

“මේ රූකඩ ආණ්ඩුවට අවුරුදු තුන හමාරක් පමණ වන විට ‘විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම’ නමැති පරණ, පුස් කාපු යෝජනාව රට තුළ සංවාදයට භාජනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණට උවමනා වී ඇත්තේ ඇයි? රටටත් ජනතාවටත් හතුරු, බටහිරට - ඉන්දියාවට- දෙමළ ඩයස්පෝරාවට මිතුරු පටු අරමුණු තුනක් ඉටු කර දීමටයි ඔවුන් මෙම යෝජනාව රැගෙන එන්නේ. 

ජනිපෙ කම්පනය සාධාරණයි - පොහොට්ටුව යෝජනාවට පක්ෂයි !

කෙසේ වුවත් මේ සම්බන්ධව අදහස් දක්වන දේශපාලන විචාරකයින් සඳහන් කරන්නේ ජවිපෙ යෝජනාව හමුවේ ජාතික නිදහස් පෙරමුණ බරපතල කම්පනයකට ලක්ව ඇති බවය. 

මෙතෙක් කාලයක් ජාතික නිදහස් පෙරමුණ දේශප්‍රේමය, වීධායක බලය, ඒකීය භාවය සම්බන්ධ වචන සෙල්ලම් දමමින් සන්ධාන දේශපාලනය තුළ තම පැවැත්ම තහවුරු කරගත් නමුත් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට එකඟතාවක සිටින බවත් ඒ තුළ තවදුරටත් සටන් පාඨය අහිමිව එම කඳවුරෙන් එළියට නොබැස බැරි තැනකට පත්වීමට ජනිපෙ වෙත සිදුව ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි. 

තවද කිසිඳු අවස්ථාවක බෙදුම්වාදයට ජවිපෙ සහය දක්වා නොමැති බවත් එහෙයින් බෙදුම්වාදය ගැන ජාතික නිදහස් පෙරමුණ විසින් ජවිපෙ වෙත කරන චෝදනා දියේ ගිලෙන්න යන මිනිහා පිදුරු ගහේ හෝ එල්ලී ජීවිතය රැක ගන්න දරන උත්සාහයක් බව පෙනීයන බවද ඔවුන් සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න