ජනාධිපති ළඟ සිටින "කියන නාහන ගුරුන්ට" : රාජිත දෙහි කපයි

ජනාධිපති ළඟ සිටින "කියන නාහන ගුරුන්ට" : රාජිත දෙහි කපයි

පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ලෙස එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට තරග කිරීමට තමන් යෝජනා කළත් ජනාධිපතිවරයා ළඟ සිටි නීතීඥයන් වෙනස් මතයක් දැරීම හේතුවෙන් ඒ උත්සාහය ව්‍යර්ථ වූ බව අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කරයි.පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ලෙස එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට තරග කිරීමට තමන් යෝජනා කළත් ජනාධිපතිවරයා ළඟ සිටි නීතීඥයන් වෙනස් මතයක් දැරීම හේතුවෙන් ඒ උත්සාහය ව්‍යර්ථ වූ බව අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කරයි.

පානදුර ප්‍රාදේශීය සභාවේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර පළාත් පාලන මැතිවරණයේදී  අන්ද මන්ද ප්‍රතිඵලයක් ලැබීමට "පණ්ඩිතයන්ගේ" මැදිහත්වීම බලපෑ බවද සඳහන් කර ඇත.එසේම තමන් ඉදිරිපත් කළ යෝජනාවට අග්‍රාමාත්‍යවරයා පවා එකඟතාව පළකර සිටි බවද අමාත්‍යවරයා එහිදී පවසා තිබේ.

එන සතියේ පුර්ණ අමාත්‍ය මණ්ඩල සංශෝධනය ස්ථිරයි !

කෙසේ වුවත් එළඹෙන සතියේ නව පුර්ණ අමාත්‍යමණ්ඩල සංශෝධනයෙන් පසුව ඉදිරි මැතිවරණ ඉලක්ක කරගත් එක ගමනක් වෙනුවෙන් වන නව වැඩපිළිවෙලක් මත රජය කටයුතු කිරීමට අපේක්ෂාවෙන් සිටින බවත් සඳහන් කළ අමාත්‍යවරයා ඒ තුළ 2020 ජාතික මැතිවරණය නියත වශයෙන් ප්‍රතිගාමීත්වය පරාජය කර ආණ්ඩුවට ජයගත හැකි බවද සඳහන් කර ඇත.

ඒ වෙනුවෙන් නව කැබිනට් මණ්ඩලය විද්‍යාත්මක හැදැරීමක් යටතේ සකස් කර තිබෙන බවත් කැබිනට් මණ්ඩලය පිළිබද ලේඛණය ජනාධිපතිවරයා මහා බ්‍රිතාන්‍ය යේ සිට පැමිණි පසු සාකච්ඡාකර දිවුරුම් දීමට නියමිත බවත් අමාත්‍යවරයා පවසා ඇත. 

ඒකාබද්ධ විපක්ෂයට 50%ක් ගන්න බෑ

තවද ආණ්ඩුව බෙදී වෙන්වී මැතිවරණයට යාම තුළ ඒකාබද්ධ විපක්ෂයට වාසියක් ලැබුණත්  2020 පැවැත්වෙන මැතිවරණය ජයගැනීමට ඔවුනට අවස්ථාවක් නොමැති බවත් මුස්ලිම් සහ දෙමළ ජනතාවගේ ඡන්ද නොමැතිව ඔවුන්ට සියයට 50 ක් ගත නොහැකි බවද අමාත්‍යවරයා එහිදී පෙන්වාදී තිබේ.

තමන් කවුරුත්  අමාත්‍යධූරවල හැමදාම නොසිටින නමුත් අමාත්‍යධුරයෙන් සමුගන්නා කාලය දිර්ඝ කර ගැනීමට නම් වැඩකළ යුතුව තිබෙන බවත් පසුගිය ජන්ද ප්‍රතිඵලයේ පාඩම් කවුරුත් ඉගෙනගෙන ඇති බැවින් නව වැඩපිළිවෙලක් වෙත යාමට මේ හොඳම කාලය බවද අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න