ප්‍රසිද්ධියේ සමාව ගනු - නැත්නම් බිලියනයක් දෙනු : ජලනි චමුදිතට දන්වයි !

ප්‍රසිද්ධියේ සමාව ගනු - නැත්නම් බිලියනයක් දෙනු : ජලනි චමුදිතට දන්වයි !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස විසින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම වෙතින් රුපියල් බිලියනයක අපහාස වන්දි ඉල්ලා ලිපියක් එවා ඇතැයි වාර්තා වෙයි .

ඒ චමුදිත සමරවික්‍රම විසින් මෙහෙයවන අන්තර්ජාල නාලිකාවක් හරහා ඇයට අපහාස වන ආකාරයට සාකච්ඡාවක් සිදු කළ බවට චෝදනා නගමිනි .

ඒ අනුව චමුදිත සමරවික්‍රම ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිය යුතු බවත් එසේ නොවන්නේ නම් දින 14ක් ඇතුළත රුපියල් බිලියනයක වන්දි මුදලක් ගෙවන ලෙසක් එසේද නොවන්නේ නම් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇය වෙනුවෙන් නීතීඥවරයා දැනුම් දී ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න