ජනපති මහනුවර රදගුරු හිමිපාණන් බැහැදකියි !

ජනපති මහනුවර රදගුරු හිමිපාණන් බැහැදකියි !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (20) පෙරවරුවේ මහනුවර රදගුරු නිවස වෙත ගොස් රදගුරු ආචාර්ය වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් බැහැදුටුවේය.

රදගුරු වෙලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ගේ සුව දුක් විමසු ජනාධිපතිවරයා කෙටි සාකච්ඡාවකට ද එක්විය.

නිවාස ගැටලුව ඇතුළු වතුකරයේ ජනතාව මුහුණ දී සිටින ගැටලු පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.

වතුකරයේ ජනතාව මෙරටට පැමිණ වසර 200ක් ගත වුවද තවමත් ඔවුන්ගේ ජීවන තත්ත්වය යහපත් නොවීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වු අතර ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය සඳහා ගත යුතු පියවර පිළිබඳ අවධානය යොමු කෙරිණි.

මධ්‍යම පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු කිහිපයක් පිළිබඳව ද මෙහිදි රදගුරු හිමිපාණන් ජනාධිපතිවරයා දැනුවත් කළ අතර ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක විසින් එම අවස්ථාවේදීම රදගුරු හිමිපාණන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සම්බන්ධීකරණය කරමින් ඇතැම් ගැටලු සඳහා විසඳුම් ලබාදීමට කටයුතු කළේය.

එසේම නුවරඑළිය ඇතුළු වතුකරයේ මාර්ග පද්ධතිය නිසි ලෙස සකස් නොවීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බව සඳහන් කළ රදගුරු හිමිපාණන් එම මාර්ග පද්ධතිය සංවර්ධන කර දෙන ලෙස ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

රදගුරු වසමේ පියතුමන්ලා සහ අමාත්‍ය ජීවන් තොන්ඩමන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලුම් අමුණුගම, සනත් නිශාන්ත, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් .යූ. ගමගේ, හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න