උපයෝගීතා කොමිසමේ සභාපති ජනක : 2024 ජනාධිපති අපේක්ෂකයෙක් !

උපයෝගීතා කොමිසමේ සභාපති ජනක : 2024 ජනාධිපති අපේක්ෂකයෙක් !

2024 ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මාධ්‍ය වෙත පවසා ඇත .

ඔහු සඳහන් කරන ආකාරයට මේ ඉදිරිපත්වීම සිදුවන්නේ නිර්පාක්ශික අපේක්ෂකයෙකු ලෙසයි.

ඒ බව දක්වමින් ඔහු පවසන්නේ වසර 75ක් මෙරට පැවති අර්බුදකාරි ආර්ථික තත්ත්වය මැඩලීම සදහා සුසමාදර්ෂය මත පදනම්වු ක්‍රමවේදයක් මත ආර්ථිකය උඩු යටිකුරු කරන ප්‍රතිපත්ති මාලාවක් තමන් විසින් ඉදිරිපත් කරන බවයි.

එසේම ජනතාවට කැපවීමෙන් සේවය කල හැකි ඕනෑම කණ්ඩායමකට තමන් සමග එකතු විය හැකි බව ද මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසයි .

මෙරට ආගමික නායකයින්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වෘත්තියවේදින් හා මහජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් හේතුවෙන් තමන් 2024 ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට තීරණය කළ බවද ඔහු කියා සිටියි.

ගෝඨාභය ජනාධිපති - මහින්ද අගමැති පාලන සමයේදී ජනක රත්නායක මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ලෙස පත්වූ අතර පසුව රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමයේ විදුලි බල සහ බලශක්ති අමාත්‍ය වූ කංචන විජේසේකර මෙන්ම රජයේ ප්‍රතිපත්ති සමග ගැටෙමින් නිතර පුවත් මවන චරිතයක් බවට පත්විය. දේශපාලන විචාරකයන් පවසන්නේ ජනක රත්නායක පසුගිය සමයේ ජනතාව වෙනුවෙන් කියා අධිමාත්‍රාවෙන් වතුර ඇද්දේ ඇයි යන්න පසුපස තිබූ සැබෑ අපේක්ෂාව මේ හරහා තහවුරු වන බවය. එසේම තවත් "වෙන්ඩ ජනාධිපති " කිහිපදෙනෙකු ද අධිමාත්‍රාවෙන් ජනතාව වෙනුවෙන් කියා වතුර අදිමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් සිටිය යුතුව ඇති බවත් දේශපාලන විචාරකයන් පවසයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න