ඕමාන ආයෝජකයාගේ ආරක්ෂාව ගැන ටිරාන්ගෙන් සහතිකයක් !

ඕමාන ආයෝජකයාගේ ආරක්ෂාව ගැන ටිරාන්ගෙන් සහතිකයක් !

කටාන හල්‍පෙ ප්‍රදේශයේ පිහිටි ඕමාන ජාතිකයකුට අයත් කම්හලට කඩාවැදී පහරදී‍මේ සිද්ධිය ‍හේතුකොට‍ ගෙන එහි ‍සේවක පිරිසට මසක වැටුප් ‍ගෙවා කම්හල මාසයකට වසා දැමීමටගත් තීරණයක් ‍හේතු‍වෙන් එහි ‍සේවක සේවිකා‍වෝ 350 ක් පමණ ‍විදුලි බල රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ ගේ නිවාස ඉදිරිපිට ඊයේ (08) දහවල් විරෝධතාවයක් පැවැත්විය.

මෙම ප්‍රහාරය එල්ලකර ඇත්තේ රාජ්‍ය ඇමතිවරයාගේ හිතවතකු බව කියන පුද්ගලයකු‍ එම ආයතනයට කුලී පදනම මත වාහනයක් සැපයීමට ගත් උත්සාහයක් ව්‍යර්ථවීම නිසාය.

මෙම සිද්ධිය සම්බන්ධ‍යෙන් ඊට පසු දිනම පුද්ගලයන් තිදෙනකු බඩල්ගම ‍පොලිසිය අත්අඩංගුවට ගැනුණු නමුත් පහරදීම සම්බන්ධ‍යෙන් ‍කෙ‍රෙන පරීකෂණ විධිමත් නැති බවට එල්ලවූ ‍චෝදනා නිසා පරීක්ෂණ කටයුතු රහස් ‍පොලිසියට පවරනු ලැබීය.

මේ අතර තම ආයතනයට නිසි ආරක්ෂාව සහතික ‍කෙ‍රෙන බවට රජයෙන් සහතිකයක් ලැ‍බෙන තුරු ආයතනය පවත්වා‍ගෙන යාම ගැටලුවක් බව සදහන් කරමින් ‍ ‍සේවකයන්ට මසක වැටුප් ගෙවා වසා තැබීමට ආයතන හිමිකාරීත්වය කටයුතු කර ඇතැයිද ‍මේ තත්ත්වය උද්ගතවූ‍යේ රාජ්‍ය ඇමතිවරයා‍ගේ බලපෑම නිසා බවටද ‍චොදනා කරමින් ‍සේවක පිරිස් ඊයේ දහවල් ‍මෙ‍සේ විරෝධය දක්වනු ලැබීය.

සේවක පිරිස වි‍රෝධතා පා ගමනින් රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ ගේ හල්‍පේ පහේ කණුව ප්‍රදේශ‍යේ පිහිටි නිවාසය හා මහ ‍ගෙදර ආසන්නයටම ‍ගොස් ‍වි‍රෝධය දැක්වූහ.

ආයෝජකයාට ටිරාන්ගෙන් සහතිකයක් !

කෙසේ වුවත් ඕමාන ජාතික කටාන ඇඟලුම්හල් ආයෝජක කල්ෆාන් සෙයිඩ් ඔබේදාන්, කළමනාකරණ නියෝජිත යසීර් ලහීර්
සමග මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් අද(9) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී අමාත්‍යවරයා ඕමාන් ආයෝජකයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට වග බලාගන්නා බවට පොරොන්දුවී ඇත.

තවද මෙම සිද්ධිය සම්බන්ධව ජනාධිපතිතුමාගේ අවධානය යොමු වූ බවත් ආයෝජකයාගේ ආරක්ෂාව සැලසීම වෙනුවෙන් අවශ්‍ය සියලු පියවර ගැනීමට උපදෙස් ජනාධිපතිවරයාගෙන් ලැබුණු බවද මෙහිදී ටිරාන් අලස් අමාත්‍යවරයා ඕමාන් ජාතික ආයෝජකයාට දැනුම්දී ඇත.

තම ආරක්ෂාව තහවුරු කිරීම පිලිබඳව හා මෙම සිදුවීම කෙරෙහි මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ අවධානය යොමු කිරීම පිළිබඳව සිය ස්තුතිය පුද කරන බව ඕමාන ජාතික ආයෝජකයා පැවසීය.

ශ්‍රී ලංකාව හැරනොයන බවට තීරණය අමාත්‍ය ටිරාන් අලස් සමග පැවති සාකච්ඡාවෙන් පසු තීරණය කලබව ආයෝජකයා අවධාරණය කර ඇති අතර නමුත් මෙම ඇගලුම් කර්මාන්තශාලාව කටාන ප්‍රදේශයේම පවත්වාගෙන යනවාද නැතිනම් වෙනත් ප්‍රදේශයකට ගෙනයනවාද යන්න පිලිබදව තම පවුල සමග සකච්ඡා කර තීරණය කරන බවත් ප්‍රකාශකර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න