Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

ජනාධිපති යන පාර හරි : අප නිවැරදි බව අද ඔප්පුවී තිබෙනවා - හිටපු මුදල් ඇමති රවී (වීඩියෝ )

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැටුණු රට ගොඩනැගීම වෙනුවෙන් සාර්ථක වැඩපිළිවෙළක් තුළ ගමන් කරමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

පසුගිය සමයේ විවිධ පාර්ශ්ව විසින් මවනු ලැබූ බිල්ලන් හේතුවෙන් තමන් එදා දැක්වූ අදහස් ප්‍රතිකේෂ්ප වූ නමුත් මේ වන විට ඒ අදහස් වල වලංගු බව තහවුරු වී ඇති බවත් හිටපු මුදල් අමාත්‍යවරයා සඳහන් කරයි.

2015 රට බාරගන්නා අවස්ථාවේ ද මෙරට ආර්ථිකය බිඳ වැටී තිබුණ බවත් එහිදී රටේ ආර්ථිකය ගොඩනැගීමට ගනුලැබූ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන ගියා නම් මෙවැනි වාතාවරණයක් ඇති නොවන බව පසුගිය සාකච්ඡා වලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා අවධාරණය කර ඇති බවත් ඔහු පවසයි .
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මේ අදහස් පළකර සිටියේ youtube නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක්වෙමින්ය .

එහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් පහත වීඩියෝවේ දැක්වෙයි .