ජනක දොට්ට දමන වාර්තාව පාර්ලිමේන්තුවට !

ජනක දොට්ට දමන වාර්තාව පාර්ලිමේන්තුවට !

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති, සමාජික ජනක රත්නායක එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා විදුලිබල අමාත්‍යවරයාගේ වාර්තාව අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

ඒ සම්බන්ධයෙන්වූ අමාත්‍යවරයාගේ වාර්තාව අ‍ාණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග විසින් පාර්ලිමේන්තුවේදී සභාගත කළේය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති - මහින්ද රාජපක්ෂ අගමැති සමයේ ඔවුන්ගේ ආශීර්වාදය ඇතුව ජනක රත්නායක මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධූරය සඳහා පත්කෙරිණ.

නමුත් ඔහු පසුව කටයුතු කර සිටියේ ආණ්ඩුව බලවත් අපහසුතාවයට පත්වන ආකාරයටය. එහිදී අවස්ථා ගණනකදී විදුලි බල සහ බලශක්ති අමාත්‍යවරයාට සිය ධුරයේ කටයුතු කරගෙන යාමට ජනක රත්නායක හිතාමතා බාධා කරන බවට පවා ඇතැම් අවස්ථා වලදී චෝදනා එල්ලවිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න