ශ්‍රීලනිප නායකත්වය නම් එපා - මහින්ද

ශ්‍රීලනිප නායකත්වය නම් එපා - මහින්ද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට අලියා ගිල්ල දිවුල් ගෙඩියක් වැනි තත්ත්වයකට පත්ව ඇති බවත් ඒ තැනට වැටී ඇති පක්ෂයේ නායකත්වය භාරගැනීමට තමන්ට කොහෙත්ම අදහසක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කර ඇති බවද වාර්තා වෙයි.

එසේම ශ්‍රීලනිපය කියා පක්‍ෂයක් ගැන කියන බෝඞ් ලෑලි තිබුණත් ඇතුලේ කිසිත් නොමැති බවත් ඊට පක්‍ෂ විනයක්, වැඩපිලිවෙලක් සහ ප‍්‍රතිපත්තියක් මෙන්ම ඉදිරි දැක්මක් නොමැති බැවින් ඉදිරි ගමනක් පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බවද ඔහු සඳහන් කර ඇත.

කෙසේ වෙතත් තමන් තවමත් ශ‍්‍රීලනිපයේ සාමාජිකයෙක් බැවින් පක්‍ෂය යලි ගොඩනගන ඕනෑම අයෙකුට සහාය දීමට සූදානම් බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇතැයි වාර්තා වෙයි.

මේ සම්බන්ධව වාර්තා කරන දේශපාලන ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ ශ්‍රීලනිපයේ ප්‍රතිරූපයට හානි කිරීම හරහා එම පක්ෂය දුර්වල කලයුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උපදේශකයන් ලබාදී ඇති උපදෙස් අනුව මෙම ප්‍රකාශ නිකුත් වෙමින් ඇති බවය.

මේ සම්බන්ධව මීට පෙරද newstube.lk විසින් (ජනාධිපති ඉන්න තැනම "ශ්‍රීලනිපය චොර" කිරීමේ සුදානමක්) අනාවරණය කරනු ලැබිණ. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න