රවීට ඇමතිකම දෙනවාට : කබීර් - මලික් ලෙඩක් අදියි

රවීට ඇමතිකම දෙනවාට : කබීර් - මලික් ලෙඩක් අදියි

රවී කරුණානායක මන්ත්‍රීවරයාට කැබිනට් අමාත්‍යධුරයක් ලබාදීම සඳහා අග්‍රාමාත්‍යවරයා යෝජනා කර ඇති අතර ඊට එරෙහිව එජාප සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම සහ හිටපු මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් බලවත් විරෝධයක් දක්වමින් සිටින බව වාර්තා වෙයි.

විරෝධය පළකරමින් මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ රවී කරුණානායක මන්ත්‍රීවරයා වෙත අමාත්‍යධුරයක් ලබාදුණහොත් අග්‍රාමාත්‍යවරයා ඇතුළු පක්ෂයට ජනතා විරෝධයක් පළවීමේ අවධානමක් ඇති බවය.

මං විජේදාසටත් වචනයක් දුන්නා - ඇමති මලික් අගමැතිට කියයි 

එසේම රවී කරුණානායක මන්ත්‍රීවරයාට අමාත්‍යධුරයක් ලබාදීමට අවස්ථාවක් නොමැති බවත් තමන් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට විශ්වාසභංගය අවස්ථාවේ අමාත්‍යධුරයක් ලබාදීමට පොරොන්දු වූ බවත් එම පොරොන්දුව ඉටුකිරීම පක්ෂයට වැදගත් බවත් මලික් සමරවික්‍රම අමාත්‍යවරයා පවසා ඇති බවද වාර්තා වෙයි. 

මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ එම අදහස අමාත්‍ය කබීර් හෂීම් අනුමත කර තිබෙන බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි. 

කෙසේ වුවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ රවී කරුණානායක මන්ත්‍රීවරයා බැඳුම්කර චෝදනා වලින් නිදහස් වීමත්, පසුගිය මැතිවරණය වෙනුවෙන් කොළඹ ජයග්‍රහණය කරවීම වෙනුවෙන් තනිවම සිදුකල කැපවීම සළකා ඔහුට අමාත්‍යධුරයක් ලබාදීමේ ස්ථාවරයක අග්‍රාමාත්‍යවරයා සිටින බවය.

එසේම විශ්වාසභංග යෝජනාව අවස්ථාවේ රවී කරුණානායක මන්ත්‍රීවරයාට අමාත්‍යාංශයක් ලබාදෙන බවට අග්‍රාමාත්‍යවරයා ලිඛිත පොරොන්දුවක් ලබාදී ඇති බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න