පස් පුද්ගල ඝාතනයේ සැකකරු කොටු !

පස් පුද්ගල ඝාතනයේ සැකකරු කොටු !

යාපනය, ඩෙල්ෆ් දූපතේ නිවසක සිටි කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව පවසයි .

ඔහු සඳහන් කරන ආකාරයට සැකකරුව ඊයේ (22) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත .

51 හැවිරිදි පුද්ගලයෙක් වන එම සැකකරු සන්තකයේ තිබී රන් මාල තුනක්, වළලු ජෝඩු දෙකක්, තනි වළලක්, මුදු 8ක්, කරාබු දෙකක් හා පෙන්ඩන්ඩ් එකක් මෙන්ම ජංගම දුරකථන දෙකක් ද සොයාගත් බවත් පොලීසිය පවසයි .

එම පුද්ගලයා අවුරුදු 20ක් පමණ ජර්මනියේ ජීවත්ව මෙරටට පැමිණි අයෙක් බව ද පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර පුංකුඩුතිව් ප්‍රදේශයේ නිවසක සිටිය දී අදාළ සැකකරුව පොලීසිය විසින් සොයාගෙන ඇත.

යාපනය, ඩෙල්ෆ් දූපතේ ජැටියට ආසන්න මාවේලි ප්‍රදේශයේ නිවසක් තුළ මෙම සාහසික අපරාධය ඊයේ අලුයම සිදුව තිබුණි.

ඝාතනයට ලක්ව තිබුණේ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් සහ කාන්තාවන් තිදෙනෙකි.

ඉන් එක් පිරිමි පුද්ගලයෙක් සාලයේදී ඝාතනය කර තිබුණු අතර අනෙක් පුද්ගලයා ඝාතනය කර තිබුණේ කාමරයක් තුළදීය.

එමෙන්ම තවත් කාන්තාවක් කාමරයක ඇඳ මතදී කපා කොටා ඝාතනය කර තිබුණි.

සෙසු කාන්තාවන් දෙදෙනා පොලීසියට හමුව තිබුණේ, නිවසේ පිටත පරිශ්‍රයේදීය.

එමෙන්ම කැපුම් තුවාල සහිතව බරපතළ තත්ත්වයේ පසුවූ තවත් කාන්තාවක් යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගැනුණි.

එම කාන්තාව විදේශ ගතව සිට මෙරටට පැමිණ ඇති බවදැනට අනාවරණ වී ඇත.

ඝාතනයට ලක්වූ සියලු දෙනා වැඩිහිටියන් වන අතර ඔවුන් ඥාතීන් බවට පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න