ලංකාවේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති නැවත ඇරඹීමට ජපානය සූදානම් !

ලංකාවේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති නැවත ඇරඹීමට ජපානය සූදානම් !

ජපන් ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා ඉතාමත් උනන්දුවෙන් බලා සිටින බව ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිත ආයතනයේ දකුණු ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිනි ඉමොටෝ සචිකෝ පවසා ඇත.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහ ඉමොටෝ සචිකෝ අතර පැවති හමුවකදී ඇය මේ බව පවසා තිබේ.

වොෂින්ටනයේ පැවැත්වුන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම් වලට සමගාමීව මෙම හමුව සිදුව ඇත.

එසේම ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිත ආයතනයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සහාය වීමට කැපවී සිටින බවද ඉමොටෝ සචිකෝ පවසා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න