ත්‍රස්ත විරෝධී පනත කල්යයි !

ත්‍රස්ත විරෝධී පනත කල්යයි !

ගැසට් පත්‍රයක් මගින් 2023 මාර්තු 17 වැනිදා ප්‍රකාශයට පත්කරන ලද 'ත්‍රස්ත විරෝධී' පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දැමීමට තීරණය කළ බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති ඉල්ලීම් සලකා බලා මෙම තීන්දුව ගනුලැබූ බවය.

එසේම අදාළ පනත් කෙටුම්පත පසුගිය 4 වැනිදා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වුවත් අධිකරණ නිවාඩු කාලය හේතුවෙන් පනත සම්බන්ධයෙන් අධිකරණයට යෑමට බාධා මතුවන තත්වය ද සැලකිල්ලට ගෙන මෙම තීරණය ගනුලැබූ බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

විවිධ පාර්ශ්වයන් සිදුකළ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන රජයක් ලෙස මෙම තීරණය ගත් බවත් කෙසේ වුවත් අප්‍රේල් මස අග භාගයේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ අතර මෙම පනත් කෙටුම්පත රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ තර්ජනයක් එල්ල කරන්නක් බව ඊට එරෙහිව අදහස් දක්වන පාර්ශව වල අදහස වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න