ඉන්ධන පිරවුම්හල් 40 ක අලෙවිය අත්හිටුවයි : ප්‍රවාහන ටැංකි රථ වලට GSP සවිකරයි !

ඉන්ධන පිරවුම්හල් 40 ක අලෙවිය අත්හිටුවයි : ප්‍රවාහන ටැංකි රථ වලට GSP සවිකරයි !

ඉන්ධන පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවීමට තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා සඳහන් කරන QR කේතයට පරිබාහිරව දිගින් දිගටම ඉන්ධන අලෙවිය සිදුකරන ලද ඉන්ධන පිරවුම්හල්වල මෙලෙස ඉන්ධන අලෙවිය අත්හිටුවීමට තීරණය කර තිබේ.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ පාලන අධිකාරිය සහ නිලධාරීන් සමග අද (06) පැවති ප්‍රගති සමාලෝචන හමුවකදී මෙම තීරණය ගෙන ඇත.

තවද මෙම හමුවේදී ඉදිරි සති 8 වෙනුවෙන් ඉන්ධන ආනයන සැලසුම, පිරිපහදුවේ කටයුතු සහ උත්සව සමයේ අඛණ්ඩව ඉන්ධන බෙදාහැරීම සම්බන්ධවද සාකච්ඡා කර තිබේ.

ඒ අතර ඉන්ධන ටැංකි ගබඩා තුල ධාරිතාවෙන් අවම 50%ක ඉන්ධන තොග පවත්වාගෙන යා යුතු බවට තීරණය කර තිබේ.

මෙහිදී ආයතනය සතු සියලුම ටැංකි රථ වෙනුවෙන් GPS මෙවලම් සවි කිරීම අප්‍රේල් 15වන දා වන විට අවසන් කිරීමටත් පෞද්ගලික ටැංකි රථ වෙනුවෙන්ද එය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමටත් තීන්දු කර ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න