ආර්ථිකය යහපත් කරගන්න ප්‍රතිසංස්කරණ කෙරෙන්නම ඕන - WB

ආර්ථිකය යහපත් කරගන්න ප්‍රතිසංස්කරණ කෙරෙන්නම ඕන - WB

ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ මුල්‍යකරණයේ සහය ඇතිව රජයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන ශක්තිමත් සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම තුළින් ආර්ථිකය යහපත්ව පවත්වා ගැනීමට හැකියාව පවතින බව ලෝක බැංකුව පෙන්වාදෙයි.

මේ බව ලෝක බැංකුව සිය නවතම වාර්තාවේ සඳහන් කර ඇති අතර ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීම සදහා බාහිර මෙන්ම ඇතැම් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ද අවශ්‍ය වනු ඇති බවත් සඳහන් කර ඇත.

එසේම 2023 වර්ෂය සහ ඉන් ඔබ්බට ශ්‍රී ලංකාවේ ආර්ථිකය සැලකිය යුතු අභියෝගවලට මුහුණදෙන බවත් 2023 වර්ෂය තුළ මෙරට ආර්ථිකය සියයට 4.3කින් හැකිලෙනු ඇති බවටද එම වාර්තාව පුරෝකථනය කර තිබේ.

එසේම ලෝක බැංකු වාර්තා වට අනුව 2021 සහ 2022 වර්ෂවල ලක්ෂ 27කට වැඩි පිරිසකගේ රැකියා අහිමි වී ඇති අතර ලක්ෂ 27ක් දරිද්‍රතාවයට ඇද වැටී ඇත.

තවද දිළිඳු පවුල් සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කරගැනීම සඳහා වැඩි අවධානයක් යොමුකළ යුතු බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න