IMF වැඩේ ගොඩ : සුබ පුවත 21 ලැබෙනවා !

IMF වැඩේ ගොඩ : සුබ පුවත 21 ලැබෙනවා !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විධායක මණ්ඩල හමුවක් අනිද්දා (20) දින පැවැත්වෙන බවත් එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ණය පහසුකම අනුමත වනු ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කරයි.

ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 330ක් මෙම මාසයේ දී ම ලැබෙනු ඇති බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය මේ පිළිබඳව තීන්දුවක් ගෙන ඒ ගැන ප්‍රවෘත්ති සාකච්ඡාවක් මගින් දැනුම් දෙනු ඇතැයි ද ඔහු තවදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ණය පහසුකමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කර සිටී.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන තීන්දුව මාර්තු 21 වනදා නිවේදනය කිරීමට නියමිත බවත් වාර්තා වෙයි .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න