චන්ග් නෝනත් පුංචි ජන්දය ඉල්ලයි !

චන්ග් නෝනත් පුංචි ජන්දය ඉල්ලයි !

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය බව ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් පවසා ඇත.

ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මේ බව ප්‍රකාශ කර ඇත්තේ "අර්බුදයක් තුළ නීතියේ කාර්යභාර්ය" යන තේමාව යටතේ පැවැත්වූ ජාතික නීති සමුළුව 2023 අමතමින් ය.

නීතියේ ආධිපත්‍ය සහ සැමට යුක්තිය වෙනුවෙන් ශක්තිමත් මෙන්ම ස්ථාවර බලවේගයක් වන ලෙස ද චන්ග් එහිදී ශ්‍රී ලංකාවේ නීති ප්‍රජාවගෙන් ඉල්ලීමක් ද කර ඇත.

එසේම ස්වාධීන අධිකරණයක සුදුසුකම් ලත් නීතිමය නියෝජනයක් හරහා සහ සිවිල් සංවිධාන සමඟ එක්ව රජයට සෘජුවම උපදෙස් දීමට හැකියාව මැතිවරණ තුළින් ජනතාවට ලබා දෙන බැවින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අත්‍යාවශ්‍ය බව ජුලී චන්ග් පෙන්වා දී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදයට සීමාවන් නොමැති බවත් නීතියේ ආධිපත්‍යයෙන් තොරව කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයකට පැවතීමේ හැකියාවක් නොමැති බවත් ජුලී චන්ග් සඳහන් කර තිබේ.

නීති ප්‍රජාව යනු එම නීතියේ ආරක්ෂකයන් බවද ජුලී චන්ග් පෙන්වා දී ඇත.

ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාව ආරම්භයේ සිටම පදනම් වී ඇත්තේ ස්වාධීන අධිකරණයේ වැදගත්කම සහ හවුල් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත බව ජුලී චන්ග් එහිදී පවසා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න