විශ්වාසභංගයේ පරාජය ජාතිවාදී බල කඳවුරේ බිඳවැටීමක් - දීප්ති

විශ්වාසභංගයේ පරාජය ජාතිවාදී බල කඳවුරේ බිඳවැටීමක් - දීප්ති

අග්‍රාමාත්‍යවරයාට සහ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ගෙනාවේ රාජපක්ෂ පවුල ඉස්සරහට ගන්න වුවත් රාජපක්ෂ පවුලේම වූ බල අර්බුදය මත එය පරාජයකින් අවසන් වූ බව ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න සඳහන් කරයි.

එසේම රාජපක්ෂ කඳවුර ගෙනා විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වීම රටේ අනාගතය පැත්තෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගත්තම යම්කිසි ජයග්‍රහණයක් බවත් ජාතිවාදී බලකඳවුරේ යම් ආකාරයක බිඳ වැටීමක් ඒ හමුවේ පෙන්නුම් කරන බවද ඔහු පවාසයි.

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න මේ අදහස් පළකර සිටියේ voicetube.lk වෙබ් අඩවියේ "සතියේ දේශපාලනය" සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් වන අතර එහිදී ඔහු සිදුකල අදහස් දැක්වීම පහත පළවේ.

පහුගිය පළාත් සභා මැතිවරණයේදී බැසිල් රාජපක්ෂ විසින් මෙහෙයවපු ඒ මැතිවරණ යාන්ත්‍රණය ඉස්සරහ ගෙනාව ප්‍රධාන අදහස තමයි සිංහල ජාතිය වැනසෙන්න යන්නේ කියන සටන් පාට. එකෙන් වෙච්ච දේ තමයි ඔවුන්ට පළාත් බලය පිළිබඳ යම්කිසි බලයක් ආව.

නමුත් මේ වෙලාවේ තේරුම් කරන්න ඕනෙ දෙයක් තමයි රාජපක්ෂ පවුලේ තියෙනවා යම්කිසි ගැටුමක්. ඒක සාමාන්‍යයෙන් අපි දන්නවා ලංකාදීප, දෙරණ, හිරු වගේ පුද්ගලික මාධ්‍ය පුද්ගලික නාලිකා ඒ දේවල් කියන්නේ නැහැ.

දැන් ලංකාදීප පත්තරේ ප්‍රධාන කතෘවරයානේ සිරිල් රණසිංහ මහත්තයා. එයා නිකන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ලඟ ඥාතියෙක් වගේ. මාධ්‍යවේදීන් නෙවෙයි ඒ අය. ඒ අය ඇත්තට දේශපාලන ලෝකයේ වෙන දේවල් දාන්නේ නැහැ.

උදාහරණයකට ගත්තොත් අපි දැකල තියෙනවද රාජපක්ෂ වරුන්ගේ පවුලේ අය අතරේ අරබුද තියෙනවා කියල වගේ එකක් එයාලා දානවා ? ඒක එයාල දාන්නේ නැහැ. ඒක නිකන් පූජනීය දෙයක් වගේ තමයි දාන්නේ. එකේ යට තියෙනවා අර හැංගිච්ච ජාතිය කෙරෙහි තියෙන අර ඇල්ම වගේ දෙයක් කියල තමයි පෙන්නන්නේ.

සිරිල් රණසිංහ අපි දන්නවා සති අන්තයේ යනවනේ අර පන්සල්වලට එ‍හෙම, ඒ කියන්නේ අර ජාතියට ආසයි කියන එක. ජාතියට ආසයි කියන එක හරි භයානකයි. මොකද රංජිත් විජේවර්ධන කියල කියන්නේ ලිබරල් පුද්ගලයෙක්. දැන් මාර වැඩක් ලිබරල් පුද්ගලයෙක්ව කොහොමද මේ ජාතිකත්වයට යන කෙනෙක්ව කතෘ කරගෙන ඉන්නේ කියලා. ඒ වගේ ජංජාල ලංකාවේ වෙනවා.

එතකොට මම කියන්න ගියේ මේ රාජපක්ෂවරුන්ගේ පවුලේ තියෙනවා අර්බූදයක්, එකක් තමයි මම හිතන්නේ අපි දැනගන්න ඕනේ බැසිල් රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙන්න ආසයි. ජනාධිපති වෙන්නත් 20 ක් විතර ලංකාවේ ආස අය ඉන්නවා. ඒගොල්ලො නිදාගන්නෙත් නැහැ දිගටම ඇහැරලාමයි ඉන්නේ. ඉන් එක්කෙනෙක් තමයි බැසිල් රාජපක්ෂ මහත්තයා අනෙක් කෙනා තමයි ගෝඝාභය රාජපක්ෂ මහත්තයා, අනෙක් පැත්තෙන් කැමැතියි විධායක අගමැති බවට පත්වෙන්න මහින්ද රාජපක්ෂ මහත්තයා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ලොකූ බලාපොරොත්තුවක් තියනවා නාමල් රාජපක්ෂව ඊලඟට බලයට ගේන්න. ඔහොමනේ ඔය බල ප්‍රශ්න ටික තියෙන්නේ.

හැබැයි ඔය තියෙන විදිහට මෙතන තියෙනවා ගැටුමක්, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපතිතුමාගේ පැත්තත් එක්ක යයිද, ඊගාවට බැසිල් රාපක්ෂ මහත්තයා බලනවා ඒ පැත්තෙන් කොහොමද යන්නේ කියලා. ඊගාවට මහින්ද රාජපක්ෂ මහත්තයා බලනවා මේ දෙක මැද්දෙන් කොහොමද මගේ පුතාව ඉස්සරහට දාන්නේ කියලා. මේ වගේ යම්කිසි අභ්‍යන්තර විසංවාදයන් මේ පවුල තුල පහුගිය කාලේ තිබුණා. හැබැයි ඒකෙන් වෙච්ච දේ තමයි බැසිල් රාජපක්ෂ මහත්තයා කිවුවා මේ විශ්වාසභංගය ගේන්න එපා මේ අපි ලබාගත්ත ජයග්‍රහණය ආපස්සට හැරෙන වැඩක් මේක ඒ නිසා මේ වෙලාවේ මේ වගේ දේවල්වලට යන්න එපා කියලා. නමුත් ඒක මයින්ද රාජපක්ෂ මහත්මයා අහුවේ නැහැ. මහින්ද මහත්තයා බැලුවේ බැසිල් වෙනුවට මම හරි නාමල් හරි මේක ගන්න ඕනේ කියලා. අනිත් පැත්තෙන් ගොඨාභය මහත්තයා වෙනම මතයක හිටියා. එකෙන් වුණේ මේ විශ්වාසභංග යෝජනාව ගෙනාපු සම්පූර්ණ බර දාල වැඩ කරපු මහින්ද රාජපක්ෂගේ පාර්ශවයට අවසානයේ ලොකු පරාජයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. එයින් වෙච්ච දේ තමයි ලබාගත්ත මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව ලොකු චූන් එක තියෙනවනේ ඒ චූන් එක කඩාගෙන වැටුනා. ඒ කියන්නේ කලින් ජනාධිපතිතුමයි අගමැතිතුමයි පසුපස පාදයෙන් නෙ බැට් කර කර හිටියේ දැන් ෆ්‍රන්ට් ගහන්න පුලුවන්. මොකද මහින්ද පාර්ශවය ඒ අයම කොටාගෙන ලොකූ අවුලකට ගියා. විශ්වාසභංගය ගෙනාවේ රාජපක්ෂ පවුල ඉස්සරහට ගේන්න. රාජපක්ෂ පවුල ජයග්‍රහණය කරයි කියල තමයි ඒ අය හිතුවේ. මොකද ඒ අය උත්සාහ කෙරුවේ. 2020 පැවැත්වෙන ප්‍රධාන ඔලිම්පික් තරඟයට මීටර් 100 කවුද දාන්න පුලුවන් ධාවකයා? කවුද ලංකාවේ හුසේන් බොල්ට්? කියන එක තෝරන්න තමයි මේ විශ්වාසභංගය පාවිච්චි කෙරුවේ. නමුත් මේකෙන් වු‍ණේ බොල්ට්ගේ කකුල පොඩ්ඩක් අප්සෙට් ගියා. මම හිතන්නේ ඒක අපේ රටේ අනාගතය පැත්තෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගත්තම යම්කිසි ජයග්‍රහණයක් වගේම විශ්වාසභංගය දාලා මේ ජාතිවාදය ඉස්සරහට අරගෙන ආව මේ බලකඳවුරේ යම් ආකාරයක බිඳ වැටීමක් තමයි අවසානෙදි සිද්ධවුණා කියලා.

සටහන - සුජීවා බණ්ඩාර

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න