චිනයේ බෞද්ධ සංගමය සහ චීනයේ විහාරස්ථාන හතක දායකයින් විසින් මෙරට අඩු ආදායම්ලාභී පවුල් සඳහා ලබාදුන් වියළි සලාකවලින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජීවත්වන ජනතාවගේ කොටස බෙදාදීම පසුගියදා (02) සිදුවිය.
ඒ කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේදී ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මිය අතිනි.
කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් අඩු ආදායම්ලාභී සිංහල,දමිළ, සහ මුස්ලිම් පවුල් 225ක් සඳහා මෙහිදී වියළි සලාක බෙදා දීම සිදුවූහ.
මේ අවස්ථාවට අමරපුර මහා නිකායේ ශ්‍රී සද්දම්මවංශික පාර්ශවයේ මහා නායක පූජ්‍ය අහුංගල්ලේ සිරි සීල විශුද්ධි හිමියන් ඇතුළු මහා සංඝරත්න, ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස්.රත්නායක, ත්‍රිකුණාමලය මහා දිසාපති බී.එම්.එන්.ජයවික්‍රම,කුච්චවේලි ප්‍රාදේශීය ලේකම්,පූජ්‍ය පක්ෂයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
