රාජ්‍ය සේවකයන්ට දායකත්ව විශ්‍රාම අරමුදලක්

රාජ්‍ය සේවකයන්ට දායකත්ව විශ්‍රාම අරමුදලක්

රාජ්‍ය සේවකයින් සඳහා දායකත්ව විශ්‍රාම අරමුදලක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබෙයි

මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කළේය.

විශ්‍රාමිකයා රටට බරක් නොවී ඔහුගේ විශ්‍රාම දිවිය ගත කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම මෙම අරමුදලේ අරමුණ බවද හෙතෙම සඳහන් කළේය.

2016 සිට රාජ්‍ය සේවයට බැඳුණු රාජ්‍ය සේවකයින් සඳහා මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් ඉදිරියේදි රාජ්‍ය සේවයට බඳවා ගන්නා සියළුම රාජ්‍ය සේවකයින් මෙම දායක විශ්‍රාම වැටුපට යටත් වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවකයෙකු රාජ්‍ය සේවයට බඳවා ගැනීමෙන් අනතුරුව ඔහුගේ වැටුපෙන් 8%ක් සහ සේවායෝජකයාගේ දායකත්වය වශයෙන් 12%ක් මාසිකව යෝජිත අරමුදලට බැර කළ යුතු වේ.

මෙම යෝජිත විශ්‍රම අරමුදල කළමනාකරණය කිරීම පිණිස කළමනාකරණ මණ්ඩලය මගින් පාලනය වන ස්වාධීන ආයතනයක් පිහිට වනු ලබන අතර අරමුදල කළමනාකරණය සඳහා විශේෂ සුදුසුකම් සහිත කළමනාකරුවෙකු පත් කරනු ලැබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න