අනුර ඇතුළු 26කට අධිකරණයෙන් තහනම් නියෝගයක්..

අනුර ඇතුළු 26කට  අධිකරණයෙන් තහනම් නියෝගයක්..

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක  ඇතුළු පිරිසකට, අද (26) පස්වරු 1.00 සිට රාත්‍රී 8.00 දක්වා ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර ඇතුළු කොළඹ ප්‍රදේශ රැසකට ඇතුළුවීම වළක්වමින්, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, කොටුව, කොම්පඤ්ඤ වීදිය සහ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරුන් කළ ඉල්ලීමකට අනුවයි.

ජාතික ජන බලවේගය අද (26) පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතාව හේතුවෙන් ඇති විය හැකි මහජන පීඩාව සැළකිල්ලට ගෙන පොලීසිය එම ඉල්ලීම කර තිබුණි.

අනුර කුමාර දිසානායක, ටිල්වින් සිල්වා, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති, කේ. ඩී. ලාල්කාන්ත ඇතුළු දේශපාලනඥයින් සහ වෘත්තීය සමිති නායකයින් 26 දෙනෙකුට එරෙහිව අදාළ තහනම් නියෝගය නිකුත් කර ඇත.

එම නියෝගයට අනුව අදාළ මාර්ගවලට ඇතුළුවීම තහනම් වන අතර, දේපොළ හානි මෙන්ම ජනතාව ප්‍රකෝප කරන ප්‍රචණ්ඩකාරී සිදුවීම් නොකළ යුතුයි.

ජාතික ජන බලවේගය ඇතුළු වෘත්තීය සමිති අද පස්වරුවේ විහාර මහාදේවී උද්‍යානයේදී අදාළ විරෝධතාව සංවිධානය කර තිබුණේ විදුලි බිල ඉහළ නැංවීම, බදු ඉහළ නැංවීම, මැතිවරණය නොපැවැත්වීම ඇතුළු කරුණු රැසකට විරෝධය පළ කිරීමක් වශයෙනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න