ජන්දය පවත්වන්න මුදල් නැති බව මැකොස ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමේ සූදානමක් !

ජන්දය පවත්වන්න මුදල් නැති බව මැකොස ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමේ සූදානමක් !

මුදල් නොමැතිවීම හේතුවෙන් පළාත් පාලන ඡන්දය පොරොන්දු වූ පරිදි පැවැත්වීමට නොහැකි තත්වයක් මතුව ඇති බව, මෝසමක් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන බව, මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පැවසූ බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

පළාත් පාලන ඡන්දය සදහා මුදල් ලබා දිය නොහැකි බව මහා භාණ්ඩාගාරය මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (17) සවස නැවතත් දැනුම්දී ඇති බවත් එම වාර්තා වල දැක්වෙයි .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ රට ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණදී ඇති මොහොතේ වඩාත් වැදගත් වන්නේ පළාත් පාලන මැතිවරණයක් වැනි සාමාන්‍ය මැතිවරණයක් පැවැත්වීමට වඩා ජනතාව මුහුණදී ඇති දුෂ්කරතා කඩිනමින් විසඳීමට පියවර ගැනීම බවයි.

ඒ වෙනුවෙන් සියලු පාර්ශ්ව නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කටයුතු කළ හැකි නම් එය ජනතාවගේ පැත්තෙන් වැදගත් බවත් විචාරකයන් පවසයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න