සජබ සඳුදා කොළඹ වටලයි !

සජබ සඳුදා කොළඹ වටලයි !

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ජන්ද ප්‍රකාශ කිරිමේ දිනය කල් තැබිමට විරෝධය පාමින් සමගි ජන බලවේගය සදුදා කොළඹ වටලන බව කුරුණැගල දිස්ත්‍රික් පා.ම (සජබ) නලින් බණ්ඩාර පැවසිය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ (17) දින ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පළාත් පාලන ආයතන 4 ක් සදහා සමගි ජන බලවේගයෙන් තරග කරන අපෙක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා ගිනිගත්හේන හී පැවති රැස්විම අමතමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා කියා සිටියේ පළාත් පාලන මැතිවරණය කල් දමනු ලබන්නේ මුදල් නොමැතිකම නිසා නොව රට පාලනය කරන ජනාධිපතිවරයාට හෝ පොහොට්ටුවට ජන වරමක් නොමැති නිසා බවයි.

රජයේ මුද්‍රණාලයට මුදල් ප්‍රතිපාදන ලබා නොදි , පළාත් පාලන මැතිවරණය කුමන හෝ ආකාරයකින් නතර කිරිමට රටේ පාලකයින් පියවර ගෙන ඇති බවත්, පළාත් පාලන මැතිවරණය පවත්වන තෙක් සමගි ජන බලවේගය අරගල කරන බවත් ඔහු පැවසීය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න