චීන මූල්‍ය සහතිකය නොමැතිව ලංකාවට සහය දෙන්න IMF සූදානමක් !

චීන මූල්‍ය සහතිකය නොමැතිව ලංකාවට සහය දෙන්න IMF සූදානමක් !

චීනයේ මූල්‍ය සහතික නොමැතිව ශ්‍රී ලංකාවට ණය මුදල ලබා දීම සඳහා අනුමැතිය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සළකා බලමින් සිටින බව ආරංචි මාර්ග උපුටා දක්වමින් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණය මත පදනම්ව විධිමත් මූල්‍ය සහතිකයක් තවමත් ලබා දී නොමැත.

ණය අර්බුදයකට මුහුණ පා සිටින රටක ණය හිමියෙක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට විධිමත් මූල්‍ය සහතිකයක් ලබා නොදී සිටින අවස්ථාවක එවන් රටකට ණය ලබා දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතාමත් කලාතුරකින් සළකා බලන ප්‍රතිපත්තියක් වන නිල හිඟ මුදල් මත ණය දීමේ ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාවට ණය ලබා දීමට සළකා බලමින් සිටින බව ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.

තම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ ණය ලබා දීමේ කොන්දේසි සම්පූර්ණ කිරීමට රටක් සද්භාවයෙන් උත්සාහ ගත්තත් එම රටේ ණය හිමියෙක් එම උත්සාහ අසාර්ථක කරන අවස්ථාවක නිල හිඟ මුදල් මත ණය දීමේ ප්‍රතිපත්තිය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබාදීම සිදු කරනු ලබයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවට ණය ලබා දෙන්නේ කුමන ප්‍රතිපත්තිය මත පදනම්ව දැයි පැවසිය නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයකු පවසා ඇත.

එසේම ශ්‍රී ලංකාව තම ණය හිමියන්ගේ මූල්‍ය සහතික ලබා ගැනීම සඳහා අඛණ්ඩව කටයුතු කරමින් සිටින බවත් ප්‍රතිපත්තිමය නිර්දේශ සම්පූර්ණ කරමින් සිටින ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය කටයුතු කරමින් සිටින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබේ.

-Lankadeepa

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න