විදුලි කප්පාදුව ගැන මණ්ඩලෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක්.....

විදුලි කප්පාදුව ගැන මණ්ඩලෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක්.....

අද (පෙබ. 2) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම අවසන් කරන තුරු විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවට ලංකා විදුලි බල මණ්ඩලය අද (02) ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබේ.

මෙවර උසස් පෙළ විභාගය අවසන් වන තුරු කිසිදු ආකාරයකින් විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙසට තමත් ලබාදී තිබු තීන්දුව උල්ලංඝණය කරමින් විදුලිබල බලධාරීන් කටයුතු කිරීමට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ගොනු කළේ ය.

ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉහලහේවා මහතා එම පොරොන්දුව ලබා දෙමින් අධිකරණයට පෙන්වා දුන්නේ, මේ වන විටත් ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කල පරිදි කිසිදු ආකාරයකින් විදුලිය විසන්ධි කිරීමක් එම කාලය තුළ සිදු නොකරන බවයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ගොනු කර තිබූ එම අධිකරණයට අපහාස කිරීමේ නඩුව පී. පද්මන් සුරසේන, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබීය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න