බරපතළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින තිකෝ සමූහ ව්‍යාපාරයේ කළමනාකරණ අධ්‍යක්ෂිකා තිළිණි ප්‍රියමාලි අද(27) පස්වරුවේ රක්ෂිත බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි .
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නියම කරන ලද සියලුම ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුවයි.
වාර්තා වන ආකාරයට ඇය විසින් ඇප කොන්දේසි සපුරන ලද නඩු සංඛ්‍යාව 08කි.
එහිදී එක් නඩුවකට රුපියල් 50,000 බැගින් වන ශරීර ඇප 08ක් සහ රුපියල් මිලියන 10 බැගින් වන ශරීර ඇප 20ක් තබන ලෙස අධිකරණය නියෝග කර තිබුණි.
ඇය රුපියල් බිලියන 04කට අධික මූල්‍ය වංචා සම්බන්ධයෙන් මාස 03කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියාය.
අදාළ මූල්‍ය චෝදනා සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලි රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියදී අවස්ථා දෙකක දී නීතිවිරෝධී ලෙස ජංගම දූරකතන තබාගැනීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
