ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් රාජ්‍ය බැංකු 2 කට : කෝටි 7000ක පොල්ලක් !

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් රාජ්‍ය බැංකු 2 කට : කෝටි 7000ක පොල්ලක් !

ශ්‍රීලන්කන් ගුවන් සමාගම කෙටිකාලීන ණය වශයෙන් රාජ්‍ය බැංකු දෙකකින් ලබාගත් රුපියල් කෝටි 7,162.1ක මුදල ගෙවීමට කටයුතු කර නොමැති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කර තිබේ.

ඊට අනුව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මහ භාණ්ඩාගාර ඇප මත 2016/2017 වර්ෂය තුළ කෙටිකාලීන මුදල් අවශ්‍යතා සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය පහසුකම් ලබාගෙන ඇත.

එසේ ම, දෙවන වරටත් 2017/2018 වර්ෂය තුළදී රුපියල් කෝටි 2,944ක්ද පසුගිය ණය මුදල ගෙවීමකින් තොරව ලබාගෙන ඇති බවත් අදාළ වාර්තාව පවසයි .

පසුගිය 2020/2021 වර්ෂය තුළදී ද එම රාජ්‍ය බැංකු 02 මගින් අමෙරිකානු ඩොලර් මිලියන 75ක ණයක් තෙවන වරටත් ලබාගෙන තිබෙන බවත් එහි දක්වා තිබේ.

ඒ අනුව 2021 මාර්තු 31 වන දා වන විට ශ්‍රීලන්කන් ගුවන් සමාගම රාජ්‍ය බැංකු දෙකක් සඳහා රුපියල් මිලියන 7,162.1ක් පියවිය යුතුව ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

තෙවතාවකදී මේ ආකාරයට මහ භාණ්ඩාගාරයේ ඇප මත රාජ්‍ය බැංකු දෙකකින් ලබාගනු ලැබූ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම එම කෙටිකාලීන ණය මුදල පියවීමට තවම කටයුතු කර නොමැති බවත් අදාළ වාර්තාවේ දක්වා ඇත.

එසේම ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවතින ස්වෛරී බැඳුම්කරණ ණයක පොලී ගෙවීම් මාස 12කට අත්හිටුවීම සඳහා අදාළ ණය හිමියන්ගෙන් අවසර ඉල්ලා ඇති බව වාර්තාවේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා ගත් ඩොලර් මිලියන 175ක ණය මුදලක් සීයට 7ක පොලියට ලබා ගෙනඇති අතර 2024 දී එම ස්වෛරී බැඳුම්කර ණය කල් පිරීමට නියමිතය.

මීට අදාළව එක් පොලී වාරිකයක් ලෙසින් ඩොලර් මිලියන 6.13ක් 2022 ජූලි මාසයේ දී ගෙවා තිබෙන අතර තවත් පොලී වාරික ගෙවීම් දෙකක් සිදු කිරීමට තිබේ.

එයින් එක් පොලී ගෙවීමක් 2022 දෙසැ 25 වෙනිදාට යෙදී තිබූ අතර අනෙක් ගෙවීම 2023 ජූනි 25 වෙනිදාට යෙදී තිබේ. මේ ණය පොලී ගෙවීම් දෙකම අත්හිටුවීම සඳහා අවසර ඉල්ලා ඇතත් ඒ සඳහා අවසර දෙන්නේ ද නැද්ද තීරණය කිරීම කෙටි කාලයක් ගත වෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී, එමිරේට්ස් සමාගම සමඟ තිබූ ගිවිසුම අවලංගු කර යළි ශ්‍රී ලංකන් සේවය ගත්තාට පසු අවශ්‍ය කටයුතු සිදු කර ගැනීම සඳහා මෙම ණය මුදල ලබා ගෙන තිබේ.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට එම ණය ලබා දුන් සමාගම් ණය ආපසු ගෙවීම සඳහා ශ්‍රී ලංකන් සමාගමේ හා රජයේ වැඩටසහන් සම්බන්ධයෙන් සහතිකයක් ඉල්ලා ඇති බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න