ඉන්දීය රජයේ ජිප් රථ පන්සීයේ පළමු කොටස පොලිස් ඇමතිට......

ඉන්දීය රජයේ ජිප් රථ පන්සීයේ පළමු කොටස පොලිස් ඇමතිට......

ඉන්දියන් රජය විසින් ශ්‍රී ලංකා පොලිසියට ලබාදීමට නියමිත ජිප් රථ 500 ප්‍රථම අදියර ලෙස ජිප් රථ 125 ක් පරිත්‍යාග කිරීම බත්තරමුල්ල සුහුරුපාය පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශ රථගාලේදී අද (22) සිදු කෙරිණි.

ඒ අනුව ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සංකේතාත්මකව ජීප් රථ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත ලබා දුන්නේය.

මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් සහභාගී විය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා පොලිසියට අද විශේෂ දවසක් බවයි. ඇතැම් පොලිස් ස්ථානවල රාජකාරී කිරීම සඳහා වාහන නොමැති තත්ත්වයක් තුල එයට විසඳුමක් ලෙස මෙම නව ජීප් රථ 500 ලබා ගැනීමට හැකිවීම ගැන සතුටු වන බව ඔහු සඳහන් කළේය.

මහජනතාවගේ ඉල්ලීම් අනුව සොරකම් සහ මත්ද්‍රව්‍ය මැඩලීමට මෙම නව ජීප් රථ ශ්‍රී ලංකා පොලිසියට ඉතා අවශ්‍ය බවත්, පොලිසියට වාහන සපයා ගැනීම පසුගිය අවුරුදු 3 දීම කරගැනීමට නොහැකි වූ බවත්, ඉන්දීය මහ කොමසාරිස්තුමන් සමග ඉතා සමීපව වැඩකිරීම නිසා මෙම ව්‍යාපෘතිය කඩිනමින් සාර්ථක කර ගැනීමට හැකි වූ බවත් ඒ සඳහා ඉන්දීය මහ කොමසාරිස්තුමන්ටද විශේෂ ස්තූතිය පල කරන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියේය.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් කළ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය පවත්වා ගැනීමට, ප්‍රජාතන්ත්‍රවාදය හා ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට මෙම නව ජීප් රථ ලබාදීමට හැකිවීම පිලිබඳව ඉන්දියානු රජය ඉතා සතුටුවන බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න