මෙන්න සජිත්ගේ හැකියාව හර්ෂ මැනපු මිම්ම !

මෙන්න සජිත්ගේ හැකියාව හර්ෂ මැනපු මිම්ම !

පාසලේ ඉතා කුඩා ඉඩක් සහිත ගේට්ටුවකින් බස් රථයක් හප්පන්නේ නැතිව පාසල තුළට ගැනීමට සජිත් ප්‍රේමදාස සමත් වූ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ අනුරාධපුර මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලයට බස් රථයක් පිරිනැමීමේ වැඩසටහනකට එක්වෙමින් ය.

රටේ ආර්ථිකයද ගොඩදැමීමට සජිත් ප්‍රේමදාස මහත්තයාට හැකි බව තමන් එමගින් තේරුම් ගත් බවද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මීට පෙර මහජන හමුවකදී පවසා තිබුණේ තම නායකත්වයෙන් අනාගතයේ ගොඩනගන ආණ්ඩුවක ආර්ථික විෂය භාරදෙන්නේ මන්ත්‍රී හර්ෂ ද සිල්වා ට බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න