ලබන වසරේ සිට ප්‍රාථමික අංශයේ විභාග නෑ !

ලබන වසරේ සිට ප්‍රාථමික අංශයේ විභාග නෑ !

එළැඹෙන මාර්තු මස අග සිට ආරම්භ වන 2023 පාසල් අධ්‍යයන වර්ෂයේ දී ප්‍රාථමික අංශයේ වාර විභාග නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය, සුසිල් ප්‍රේමජයන්ත පවසන්නේ පාඩමෙන් පාඩමට සිසුන්ට අභ්‍යාස ලබාදී එහි ලකුණු වාර්තා තබාගෙන ඒවා සහ වර්ෂාවසානයේ පවත්වන විභාගයේ ලකුණු මත සිසු ඇගයීම් හා තක්සේරුකරණ ක්‍රියාවලියක් ක්‍රියාවට නංවන බව ය.

අවශ්‍ය වෙනස්කම් සිදුකර ඉදිරියේදී පාසලෙන් පිට වන දරුවන්ට විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බවද අමාත්‍යවරයා පවසයි .

ඒ අනුව, විශ්වවිද්‍යාල ප්‍රවේශය හෝ දක්ෂතා හා කැමැත්ත මත කාර්මික විද්‍යාලවලට හෝ ඇතුළත්ව වැඩිපුර පුහුණු / අධ්‍යයන අවස්ථා සලසාගත හැකි වැඩපිළිවෙලක් සකස් කෙරෙනු ඇත.

නිවාඩු අඩුකර වැඩියෙන් වැඩකර 2023 දෙසැම්බර් මාසය වනවිට සියලු විෂය නිර්දේශ ආවරණය කර පාසල් අධ්‍යාපන කටයුතු යථා තත්වයට පත් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ඒ සඳහා අවශ්‍ය නිල ඇඳුම්, පෙළපොත් හා අවශ්‍යතාව පරිදි අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ ද නිසි කලට ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න