සේවා කාලය නිමා කර සිය රට බලා නික්ම යන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් (Hanaa Singer) අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු විය.
හනා සිංගර් මහත්මිය සමග සුහද කතා බහක නරත වූ ජනාධිපතිවරයා එතුමිය ශ්‍රි ලංකාව වෙනුවෙන් කළ සේවය ඇගයීමට ලක් කරමින් ස්තූතිය පිරිනැමූ අතර ඉදිරි කටයුතු වෙනුවෙන් ද සුභාශීංසන පිළිගැන්වීය.
හනා සිංගර් 2018 සැප්තැම්බර් 07 දා සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරකවරිය ලෙස කටයුතු කළාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
