ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු මෙන්ම ප්‍රබල සමාජ ක්‍රියාකාරිකයකු වන වික්ටර් අයිවන් මහතා සහ පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.
නෙළුම් මාවත පොහොට්ටුව කාර්යාලයේ පැවති මෙම විශේෂ හමුවට වික්ටර් අයිවන් මහතා සහ තවත් සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙක් එක්වූහ. බැසිල් රාජපක්ෂ මහතා සමඟ පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම්, මන්ත්‍රී රංජිත් බණ්ඩාර සහ සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.
පසුගියදා සිදු වූ ආණ්ඩු පෙරළියට මූලික වූ අරගලය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ හා වික්ටර් අයිවන් මහත්වරු විශේෂ අදහස් හුවමාරුවක් කර ගත්හ. අරගලයට බලපෑ සමාජ ප්‍රශ්න අතර වැඩි දෙනකුගේ අවධානයට යොමු නොවූ කුල පීඩනය ද වන බව මෙහිදී අයිවන් මහතා පෙන්වා දී තිබිණි.
තමන් අරගලය ගැන විශේෂ අධ්‍යයනයක් කළ බව වැඩිදුරටත් පැවසූ හෙතෙම ලංකාවේ ප්‍රබල සමාජ ප්‍රශ්නයක් වන කුල පීඩනය තුරන් කිරීමට දේශපාලන පක්ෂ මැදිහත් විය යුතු බව සඳහන් කර තිබිණි.
පොහොට්ටුවේ ප්‍රබල විවේචකයකු වන වික්ටර් අයිවන් මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර වූ හමුව පැය 1 ½ක් පුරා ඉතා සුහදව පැවැත්විණි.
-deshaya
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
