අමරකීර්ති අතුකෝරාළ මන්ත්‍රී වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් !

අමරකීර්ති අතුකෝරාළ මන්ත්‍රී වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් !

ඉකුත් මැයි මස 9 වැනිදා කළහකාරීන් විසින් ඝාතනය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පරිත්‍යාග කළ රුපියල් අනූලක්ෂ විසිපන්දහසක මුදල ඔහුගේ බිරිඳ වෙත ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් ඊයේ (14) සිදු විය.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී නියෝජ්‍ය කථනායක අජිත් රාජපක්ෂ විසින් අදාළ චෙක් පත ජනාධිපතිවරයාට භාරදෙනු ලැබූ අතර අනතුරුව ජනාධිපතිවරයා විසින් චෙක්පත අමරකීර්ති අතුකෝරාළ ගේ බිරිඳ සහ පුතණුවන් වෙත ප්‍රදානය කළේය.

මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 183දෙනෙකු මුදල් පරිත්‍යාග කර තිබේ.

මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ සිටින ආණ්ඩු පක්ෂ පර්ලිමේන්තු මන්ත්‍රීවරු 20 දෙනෙකුගෙන් සමන්විත “මාදිවෙල සංවිධානය" විසින් අමරකීර්ති අතුකෝරාළ වෙනුවෙන් මෙම අරමුදල් එකතු කිරීම ආරම්භ කළ බවත්, ඊට පසුව ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඊට හිමිවීම සුවිශේෂී කරුණක් බවත් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මෙහිදී පැවසීය.

ඝාතනයට ලක්වූ අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයා ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලබාදෙන විශ්‍රාම වැටුප ලබාදීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී නියෝජ්‍ය කථානායකවරයා මෙයට පෙර පාර්ලිමේන්තුවේදී ඝාතනයට ලක්වූ හිටපු මාතර දිසා අමාත්‍යවරයකු වූ කීර්ති අබේවික්‍රම වෙනුවෙන්ද මන්ත්‍රී විශ්‍රාම වැටුප් ලබාදෙන බවත් ඒ අනුව අතුකෝරාළ මන්ත්‍රීවරයාගේ පවුලට ද එම දීමනාව ලබා දිය හැකි බවත් සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න