රාජිත ආණ්ඩුවට එනවා !

රාජිත ආණ්ඩුවට එනවා !

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවක් ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ සිරිකොත දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 
අදාළ මන්ත්‍රී කණ්ඩායම  අයවැය ආසන්නයේ හෝ ඉන්පසුව ආණ්ඩුවට එක් වනු ඇතැයි ද පැවසු සමන් රත්නප්‍රිය එම මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන අමාත්‍යධුර සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තීරණය කරනු ඇති බවද පැවසීය.

පවතින තත්ත්වය මත මෙම මන්ත්‍රී කණ්ඩායමට විවිධ වගකීම් භාර ගැනීමට සිදු ඇති බවද පැවසූ ඔහු  ආර්ථිකය, සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්ම ඇතුළු ක්‍ෂෙත‍්‍ර කළමනාකරණය කළ යුතුව ඇති බව ද සඳහන් කළේය.

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා  ජනාධිපතිවරයා සම්බන්ධයෙන් දක්වන්නේ සාධනීය හැඟීමක් බව ද පැවසූ ඔහු ජනාධිපතිවරයා ගැන පැහැදී ආණ්ඩුවට විශාල පිරිසක් එක් වීමට කැමැත්තෙන් සිටියද ඒ තරම් ප්‍රමාණයකට වගකීම් දීගත නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවද කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න