Image

සුරේෂ් සලේ අද පස්වරුවේ නැවතත් CID භාරයට

සුරේෂ් සලේ අද පස්වරුවේ නැවතත් CID භාරයට

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව රැඳවුම් නියෝග මත සිටින රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ අද (06) පස්වරුවේ ජාතික රෝහලෙන් මුදාහැර නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රැඳවුම් භාරයට පත් කිරීමට අපේක්ෂා කරන බව අතිරේක සොලිස්ටර් ජනරාල් දිලිප පීරිස් අධිකරණයට දැනුම් දුන්නේය.

ඔහු මේ බව සදහන් කළේ අද (06) දින කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදීය.

වෛද්‍යවරුන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේ, සැකකාර සුරේෂ් සලේ දින 119ක කාලයක් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබා ඇති බවයි. 2026 සැප්තැම්බර් 28 වැනි දින ලබාදී ඇති වෛද්‍ය වාර්තාවේ දක්වා ඇති කරුණු 6කට අනුව, දැනට ජාතික රෝහලේ 42 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන සැකකරු අද පස්වරුවේ රෝහලෙන් මුදා හැරීමට හැකි බව රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු වෛද්‍ය මණ්ඩලය දැනුම් දී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර, සුරේෂ් සලේට ප්‍රතිකාර කළ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරුන් 10 දෙනෙකුට අද දින අධිකරණයේ පෙනී සිටින ලෙස මහෙස්ත්‍රාත්වරයා මීට පෙර නොතීසි නිකුත් කර තිබුණි. ඒ අනුව ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළු වෛද්‍යවරුන් 9 දෙනෙකු අද දින අධිකරණයේ පෙනී සිටි අතර, එක් වෛද්‍යවරයෙකු විදේශගතව සිටින බැවින් පැමිණ නොසිටි බව අධිකරණයට දැනුම් දෙන ලදී.

ඔක්තෝබර් 21 නඩුව නැවත කැඳවීමට නියමිතයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න