තිළිණිගේ වංචාවලට ජානකිත් CIDයට

තිළිණිගේ වංචාවලට ජානකිත් CIDයට

තිළිණි ප්‍රියමාලි සිදු කළේ යැයි කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ජානකී සිරිවර්ධන ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මේවනවිට ප්‍රකාශයක් සටහන් කරමින් සිටින බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.

ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ, කොළඹ කොටුවේ ක්‍රිෂ් ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාලයකදීය.

එසේ අත්අඩංගුවට ගැණුනු ජානකී සිරිවර්ධන ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂිකාවයි.

අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ, මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිලිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ඇය අත්අඩංගුවට ගත් බව යි.

තිලිණි ප්‍රියමාලි සිදුකළ බව කියන මුදල් වංචා සම්බන්ධයෙන් පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බොරැල්ලේ සිරි සුමන හිමියන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.