Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

ගුරුවරියන්ගේ පහසු ඇඳුම් ඉල්ලීමට : භික්ෂූ බාල්දියක් !

රාජකාරියට පැමිණීමේදී සුදුසු පහසු ඇදුමක් ඇඳීමේ අවස්ථාව ගුරුවරියන්ටත් ලබාදෙන ලෙස ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිදුකර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලා කිහිපදෙනෙකු විරෝධය පලකර ඇත .

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් නුගේගොඩ නාලාන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමි පවසන්නේ අදාළ ඉල්ලීම ගුරුවරියන්ට නොගැළපෙන බව ය.

රාජ්‍ය සේවකයන්ට පහසු ඇදුමකින් සැරසී සේවයට වාර්තා කළ හැකි පරිදි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉකුත් සැප්තැම්බර් 27 දින නිකුත් කර ඇති චක්‍රලේඛනය ගුරුවරුන්ට අදාළ නොවිය යුතු බව ද උන්වහන්සේ සඳහන් කර ඇත .

මෙරට චිරකාලීන බෞද්ධ සංස්කෘතික උරුමය තුළ භික්ෂුන් වහන්සේලා, හමුදා නිලධාරීන්, පාසල් ගුරුවරුන්, සිසු සිසුවියන් ආදී ක්ෂේත්‍රයන්හි පිරිස්වලට අනන්‍යතාව විදහාපාන නිල ඇදුමක් පවතින බවත්, විවිධ පාර්ශවවල අභිමතය පරිදි එය වෙනස් කළ නොහැකි බවත් එම හිමියන් පවසයි .