අර්බුදයෙන් ගොඩයන්න යුරෝපා සංගමයේ සහය : යළිත් තහවුරු කරයි !

අර්බුදයෙන් ගොඩයන්න යුරෝපා සංගමයේ සහය : යළිත් තහවුරු කරයි !

වත්මන් ආර්ථික අර්බුදය සාර්ථකව ජය ගැනීමට ශ්‍රී ලංකාව දරණ උත්සාහයට සහාය වන බව යුරෝපා සංගමය යළිත් වරක් තහවුරු කර ඇත .

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ඉකුත් 28 වැනිදා පැවති නීතියේ ආධිපත්‍ය සහ මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ හය වන රැස්වීමේදී (Sixth Meeting of the European Union – Sri Lanka Working Group on Governance, Rule of Law and Human Rights) යුරෝපා සංගමය එම කාරණය අවධාරණය කර ඇත.

එසේම ආර්ථික අර්බුදයෙන් එල්ල වී ඇති බලපෑම අවම කරමින් තිරසාර වර්ධනය සහ සමෘද්ධිය කරා ශ්‍රී ලංකාව රැගෙන යමාට අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදීත් සමාජ ආරක්ෂණ පියවර ක්‍රියාත්මක කිරීමේදීත් සහාය හිමිවන බව යුරෝපා සංගමය අවධාරණය කර ඇත.

මෙම රැස්වීමේදී ශ්‍රී ලංකාවේ මෑත කාලීන වර්ධනයන් සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳවද සාකච්ඡා කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා නැවත ස්ථාපිත කිරීමෙන් දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ශක්තිමත් කිරීම සහ ප්‍රධාන ආයතනවල ස්වාධීන අධීක්‍ෂණය ඇති කිරීම අරමුණු කර ගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය පිළිබඳව ද ශ්‍රී ලංකාව මෙහිදි යුරෝපා සංගමය දැනුවත් කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීම පිළිබඳව යුරෝපා සංගමය කනස්සල්ල පළ කර ඇති අතර එහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කර ඇත්තේ අත්‍යවශ්‍ය අවස්ථාවන්හිදී පමණක් බව ශ්‍රී ලංකාව සහතික වී තිබේ. සමලිංගික සබඳතා සාපරාධී ක්‍රියාවක් නොකරන ලෙසද යුරෝපා සංගමය මෙහිදී ඉල්ලීමක් කර ඇත.

ජී.එස්.පී. ප්ලස් බදු සහනය සම්බන්ධයෙන් ද මෙහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

මෙහිදී ජී.එස්.පී ප්ලස් සහනයේ අධීක්ෂණ ක්‍රියාවලිය සහ එහි අවශ්‍යතා පිළිබඳව ක්‍රියාකාරී කණ්ඩායම යාවත්කාලීන කර ඇති අතර ජී.එස්.පී ප්ලස් සහනය පිළිබඳ ලබා ඇති ප්‍රගතිය පිළිබඳ යුරෝපා සංගමය ශ්‍රී ලංකාව දිරිමත් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න