සිරදඬුවම් නියම වී සිටින සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (06) දින අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේ උන්වහන්සේ ගිහි ඇඳුමින් සැරසී අධිකරණය වෙත රැගෙන ඒමේ සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තම අදහස දක්වමින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව විපක්ෂ නායක වරයා පෙන්වා දෙන්නේ ගරු අධිකරණය කටයුතු කරන්නේ නීතිමය රාමුව මත පිහිටමින් වන අතර අධිකරණයට එම සීමාවන් ඉක්මවිය නොහැකි බවයි. එහෙත් ආණ්ඩුවක් කටයුතු කළ යුත්තේ සමාජ සම්ප්‍රදායන්, සමාජ සම්මුතීන් සහ සංස්කෘතික අනන්‍යතාවන් පිළිබඳ සංවේදී වෙමින් බව ඔහු සඳහන් කරයි.
එමෙන්ම විත්තිකරුවකු අධිකරණයට රැගෙන එන විට ඔහුට අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා සුදුසු සිවිල් ඇඳුමකින් සැරසී පැමිණීමට ඉඩකඩ ලැබී තිබෙන අතර, එවන් පසුබිමක භික්ෂූන් වහන්සේනමක් හෝ වෙනත් ආගමික නායකයෙකු, තමන් නියෝජනය කරන ආගමික ආයතනයේ දැනුවත්භාවයකින් හෝ උන්වහන්සේගේ හෝ පූජකතුමන්ගේ කැමැත්තෙන් තොරව ගිහි ඇඳුමින් රැගෙන ඒම නුසුදුසු බවද මෙම නිවේදනය මගින් විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත.
එමෙන්ම භික්ෂූත්වය හෝ අදාල වෙනත් ආගමක නිලභාවය පිළිබඳ තීරණය ගත යුත්තේ එම ආගමික ආයතනය බව ද ඔහු අවධාරණය කරයි.
එම නිසා මෙවන් සංවේදී කටයුතුවලදී අතිපූජනීය ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ හෝ වෙනත් ආගමක නම් එහි නායකත්වයේ දැනුවත්භාවයෙන් සහ අනුමැතියෙන් ක්‍රියා කළ යුතු බව ආණ්ඩුවට අවධාරණය කරන බවද සජිත් ප්‍රේමදාස නිකුත් කළ නිවේදනයේ සඳහන්
මතු දැක්වෙන්නේ එම සම්පූර්ණ නිවේදනයේ පිටපතයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
