Language Switcher

V2025

පොහොට්ටුවෙන් චන්නට ලිවර් පන්ච් එකක් !

ඕන රටේ නායකයා ටයිටනික් නැව ගැන කතාවක් කියලා ..

'' මං ටයිටැනික් නැව බාර ගත්තේ අයිස් කුට්ටියේ වැදුනට පස්සේ ’’ ජනාධිපති රනිල් එහෙම කියල තියන්නේ, බත්තරමුල්ල වෝල්ටර්ස්ස් ඒජ් හෝටලයේ තිබුන, ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ 32 වන වාර්ෂික මහා සභා රැස්වීමේ දී.

ශ්‍රී ලංකාව නැමති ටයිටැනික් නෞකාව ගැටුණු හිම කන්දෙන් ඉවතට ගන්න, තමා උපරිම උත්සාහ ගන්නවා කියල රනිල් එතනදී කියල.

තමා ටයිටැනික් නෞකාව බාරගෙන තිබෙන්නේ, එය අයිස් කුට්ටියේ ගැටීමෙන් අනතුරුව බව කියල තියන, ජනාධිපතිවරයා , දෙසැම්බර් මාසේ මැද විතර වෙනකොට, IMF යන්න පුළුවන් වුනොත් වාසි සහගත තත්ත්වයක් උදාකර ගන්න පුළුවන් කියලත් කියල තියනවා..

ඒ කියන්නේ රට තාමත් තියෙන්නේ , අවධානම් කලාපේ කියන එක..

ජනාධිපති එහෙම කියද්දේ, පොහොට්ටු පක්ෂයේ වැඩබලන ජාතික සංවිධායක තුමා නම් කියන්නේ , රටේ දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කරන්න, ජනාධිපති රනිල් වික්‍රමසිංහට පක්ෂයක් විදියට පුර්ණ සහයෝගය ලබා දෙනවා කියල..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එහෙම කතාවක් කියල තිබුනේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ කළාවැව ආසනයේ, පොහොට්ටු පක්සේ ක්‍රියාකාරී හමුවක දී..

පොහොට්ටුවට වැරදුණු තැන් ගැන නාමල් මෙතනදී කියල තිබුනා.

පූර්ණ බලය තිබුන වෙලාවේ පොහොට්ටුවේ ලොක්කන්ට සිය පාක්ෂිකයා අමතක වූනා කියල තමයි නාමල් කියල තියන්නේ.

මාමයි - බැණයි කිය කියා , ජෙප්පෝ රනිල්ටයි , නාමල්ටයි එලව එලව ගහද්දී ත්, රනිල් වෙනුවෙන් දැන් නාමල් ප්‍රසිද්ධියේම පෙනී ඉන්නේ, ඊළඟ ජනාධිපතිවරනේදී පොහොට්ටුවේ සහය රනිල්ට දීලා, 2030 දී නාමල්ට UNP සහය ගන්න වෙන්න ඇති කියල, සමහර සෝෂල් මිඩියා කට්ටිය කියනවා..

දැන් ඔහොම කිව්වට මොකද , ඉර හද පවතිනතුරු බලයේ ඉන්න තමයි ලු රාජපක්ෂවරුන් ප්ලෑන් ගහල තිබුණයි කියන්නේ..

ඒ කතා මොනවා වුනත්, හිටපු ජනාධිපතිවරයා විනාශ වුණේ, වියතුන් දුන් උපදෙස් නිසා කියල, නාමල් කියපු කතාවකට, ආණ්ඩුවෙන් වෙන්වෙලා ඉන්න, චන්න ජයසුමන කන කිස් කන උත්තරයක් ‌දීල ..

''ගෝඨා කෙළවගත්තේ නාමල්ලා කියන විදිහට වැඩ කරන්න ගිහිල්ලා! අද රටට මේ ‌විනාසේ වෙලා තියෙන්නේ නාමල්ලා දීපු උපදෙස් නිසා..'' කියලා , මහාචාර්ය චන්න ජයසුමන මන්ත්‍රීතුමා කියනවා ..

''ගෝඨාභයට පමණක් නෙමෙයි රටටම මේ විනාශය සිදුවූයේ නාමල්ලා ගෝඨාට දුන් උපදෙස් නීසා'' චන්න කියනවා .

චන්න ගැහුවේ නාමල්ට වුනාට මොකද, රිදිලා තියෙන්නේ නාමල්ගේ ගෝලයන් සෙට් එකට..

'චන්න මේවට උත්තර දෙන්න ! - කියල නාමල්ගේ ගෝලයෝ ශෝෂල් මීඩියා එකේ, එක දිගට ප්‍රශ්න කරනවා.

වත්මන් රුසියානු තානාපතිනී, මහාචාර්ය ජනිතා ලියනගේ, රජරට වකුගඩු රෝගය පිලිබදව, එහි භූගත ජලය ආශ්‍රිතව කල පරීක්ශණයේදී, රසායනික පොහොර හා භූගත ජලය අතර වකුගඩු රෝගීකාරක නැති බව, සනාථ කරල තියෙද්දී, එහි දත්ත විකෘති කරලා, (ජනිතා නම් කියන්නේ ඩේටා ඉස්සුවා කියලා) රතන සාදුත් එක්ක, ප්‍රෙස් එකක් තියලා බොරු රසායනික පොහොර භීතිකාවක් මැව්වේ නාමල් කියලද?

ඔයාගේ ඔය බොරු සොයා ගැනීම මත, කාබනික පොහොර මරණ දණ්ඩනය ගෝඨට උරුම කරේ නාමල් කියලද? අපි අහල තියන විදියට කාබනික පොහොර ලණුවට, නාමල් දැඩිව විරුද්ධ වෙච්ච කෙනෙක්.

ඒ වගේම, චන්න උන්නැහේ රාජ්‍ය ඇමති විදියට, කලාපීය රටවල් වලට සාපේක්ශව වැඩි මිලකට රුසියානු කොවිඩ් එන්නත මිලදී ගන්න හදද්දි, නාමල් කැබිනට් එකේදි විරුද්ධ වෙලා තියනවා. ඒකෙ ආරෝව පිරිමහ ගන්නද මේ හදන්නෙ.

මේ මහා වංචාව ගැන, ඔසුසල සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන , එයා නම් විභාග පාස් කරපු ඇත්ත දොස්තර කෙනෙක්, ගෝඨා ජනාධිපතිට පැමිණිලි කරන තුරු, චන්නගේ ලණු නම් එතුමා හොදට අනුභව කරා. ඒ ලණු එතුමා වැමෑරුවේ ලොකු රෝප්ස් විදියට කියලා 69 ලක්ෂෙ ඔලුවෙ අත තියන් බැලුවේ.

අයින්ස්ටයින් හිටපු ඇමරිකාව ඔයාව ශත වර්ශයේ විද්‍යාවේදියෙක් කියලා ලිස්ට් කරේ, ඔයා කොවිඩ් එන්නත් වැඩි මිලට ගන්න කටයුතු කල නිසා, ඒකට කෘතගුණ සැලකීමකට නම් ඒක ෆෙයා.

ඉතින් වීදුරු ගෙදරක ඉදන් , අමු හෙලුවෙන් ගල් ගහන්න හදන චන්නට, අපිට කියන්න තියෙන්නෙ , ඔයා මොන වගේ බෲටස් කෙනෙක්ද කියලා අහගන්න, හොදම කෙනා තමයි ගෙවිදු කුමාරතුංග. මේ කතාව වගේම තවත් ඔයා ගැන රස කතා ගොඩක් , එයා තමයි අපිටත් කිව්වේ. මේ වගේ හොරු එක්ක "නිදහස" හොයන මෝඩයෝ ගැනයි අපිට දුක. '' නාමල්ගේ කට්ටිය චන්නට ඇටෑක් එක දෙන්නේ එහෙම ...

වැඩේ නම් නැගලම යනවා වගේ ..

තව තව සෙල්ලන් එළිවෙන ජාමෙට වගේ නේද ....

දේශපාලන වාර්තාකරු