පාරිභෝගික ආරක්ෂණ නීති හා විධාන උල්ලංඝනය කරමින් කල් ඉකුත් වූ පාන වර්ග විකිණීම සඳහා ප්‍රදර්ශනය කර තිබීම සම්බන්ධයෙන් රිචඩ් පීරිස් ඩිස්ට්‍රිබියුටර්ස් සමාගමට අයත් Arpico Super වෙළෙඳසැල් දෙකකට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරන ලදී.
මෙම නඩු දෙකට අදාළ වැටලීම්වලින් එක් වැටලීමක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්ත විමර්ශන නිලධාරීන් විසින් සිදුකර ඇති අතර, අනෙක් වැටලීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ විමර්ශන නිලධාරීන් විසින් සිදුකරනු ලැබ ඇත.
1️. Arpico Super – කොට්ටාව
විධාන අංක 52 උල්ලංඝනය කරමින් 2026.05.09 දිනෙන් කල් ඉකුත් වූ මිලිලීටර් 200 නිල් කටරොළු බීම බෝතල්, අනෙකුත් භාණ්ඩ සමග අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තබා තිබීම සම්බන්ධයෙන් නඩු පවරන ලදී; දඩ මුදල – රු. 75,000 යි.
2. Arpico Super Center – හෝමාගම, අවිස්සාවේල්ල පාර
පාරිභෝගිකයා නොමඟ යවන අයුරින් 2026.04.12 දිනෙන් කල් ඉකුත් වූ ලීටර් 1 සිසිල් බීම ඇසුරුම් විකිණීම සඳහා ප්‍රදර්ශනය කර තිබීම සම්බන්ධයෙන් නඩු පවරන ලදී; දඩ මුදල – රු. 50,000 යි.
2026 සැප්තැම්බර් 10 දින මෙම නඩු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී, එල්ල වූ චෝදනාවලට විත්තිකාර සමාගම වරද පිළිගැනීමෙන් අනතුරුව, ගරු අධිකරණය විසින් රු. 125,00ක සමස්ත දඩ මුදලක් නියම කරන ලදී.
පාරිභෝගික ඔබ සැලකිලිමත් වන්න! සුපිරි වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී පවා කල් ඉකුත්වීමේ දිනය (EXP), නිෂ්පාදිත දිනය සහ අනෙකුත් අදාළ තොරතුරු පරීක්ෂා කරන්න.
මෙවැනි අක්‍රමිකතා පිළිබඳ තොරතුරු ඇත්නම් කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන්න.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
