ස්වාධීන කොමිෂන් 7ක් අහෝසියි !

ස්වාධීන කොමිෂන් 7ක් අහෝසියි !

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වීමත් සමඟ දැනට ක්‍රියාත්මක වන ස්වාධීන කොමිෂන් සභා 7ක් අහෝසි වීමට නියමිතය.

ඒ වෙනුවට නව කොමිෂන් සභා පත්කිරීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්ථාපිත වූ පසු සිදුකෙරෙනු ඇතැයි වාර්තා වෙයි.

ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ අහෝසි වීමට නියමිත වන්නේ මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ කොමිසම, මුදල් කොමිසම හා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කොමිසමයි.

මෙම කොමිෂන් සභා සඳහා සාමාජිකයන් සහ සභාපතිවරුන් පත්කිරීම මෙන්ම අලුතෙන්ම පිහිටුවන ජාතික විගණන කොමිසම සඳහා ද සභාපතිවරයකු හා සාමාජිකයන් පත්කිරීම ඉතා ඉක්මනින් සිදුකෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

මෙතෙක් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සතුව තිබූ පොලිස් නිලධාරීන් පත්කිරීම්, උසස් කිරීම් හා විනය පාලන කටයුතු ජාතික පොලිස් කොමිසමට පැවරීම නව සංශෝධනයේ තවත් අරමුණකි.

-deshaya

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න