සෝල් ඛේදවාචකය ගැන ජනාධිපති ශෝකය පළකරයි !

සෝල් ඛේදවාචකය ගැන ජනාධිපති ශෝකය පළකරයි !

දකුණු කොරියාවේ සෝල් නගරයේ හැලොවීන් සැමරුම් උත්සවයකදී තෙරපීමෙන් 151 දෙනකු මියගොස් 80කට අධික පිරිසක් තුවාල ලැබීමේ අනතුර සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ශෝකය පළකරයි.

දකුණු කොරියානු රජයට සහ ජනතාවටත්, විශේෂයෙන් එම අනතුරින් මියගිය අයගේ පවුල්වලට ජනාධිපතිවරයා සිය බලවත් ශෝකය පළ කර තිබේ .

එමෙන්ම සිදුවීමෙන් තුවාල ලැබූවන්ට ජනාධිපතිවරයා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර ඇත .

අදාළ අනතුරින් මහනුවර ප්‍රදේශයේ ලාංකික තරුණයකු (27) මියගිය බවට වාර්තා වී ඇති අතර තව දුරටත් සිද්ධියෙන් බලපෑමට ලක්වූ ලාංකිකයන් සෙවීමේ කටයුතු මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය සහ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙහෙයවීමෙන් ක්‍රියාත්මක බවත් වාර්තා වෙයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න