චීනයෙන් තවත් සහල් පරිත්‍යාගයක් !

චීනයෙන් තවත් සහල් පරිත්‍යාගයක් !

චීනය විසින් ශ්‍රී ලංකාව සඳහා තවත් සහල් මෙට්‍රික්ටොන් 500ක පරිත්‍යාගයක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

චීන තානාපති කාර්යාලය සඳහන් කර ඇති ආකාරයට පාසල් ළමුන් වෙත බෙදාහැරීමේ අරමුණින් ලබාදෙන එම සහල් තොගය රැගත් නෞකාව ඊයේ (25) කොළඹ වරාය වෙත ළඟාවී ඇත.

වාර්තා වන ආකාරයට ඉදිරි සතියේදී ද තවත් සහල් මෙට්‍රික්ටොන් 500 ක් රැගත් නෞකාවක් මෙරටට පැමිණිමට නියමිතය.

ඒ අනුව චීනය විසින් මෙරටට ලබාදෙන මුළු සහල් තොගය මෙට්‍රික්ටොන් 6,000 ක් දක්වා ඉහළ යන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න